World Junior Tourism Ambassador තරඟයට යන තිතුළු කත්යා
World Junior Tourism Ambassador Sri Lanka 2025 Crown Princess ලෙස පසුගියදා අභිසෙස් ලැබූ තිතුළු කත්යා හඳපාන්ගොඩ මෙම වසරේ ජූනි මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වෙන අන්තර්ජාතික World Junior Tourism Ambassador තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට අවස්ථාව හිමිකරගෙන තිබෙනවා.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යාන්තර පාසලේ 8 වසර ඉගනුම ලබන ඇය පාසල් කණිෂ්ට ශිෂ්‍යභට කණ්ඩායම නියෝජනය කරන අතර පාසල් නාට්‍ය රංගන කටයුතුවලත් බාලදක්ශිකාවක ලෙසත් කටයුතු කරනු ලබනවා.
කොළඹ රුසියානු සංස්කෘතික මද්‍යස්ථානයෙන් බැලේ නර්තනය ප්‍රගුණ කරන ඇය පියානෝ වාදනය වාදනය කෙරෙහිද විශේෂ දක්ෂතා දක්වන්නියකි.
මේ වන විට තිතුළු හඳපාන්ගොඩ World Junior Tourism Ambassador හි ශ්රී ලංකාවේ ජාතික අද්‍යක්ෂිකාවක් වන කන්චි ඒකනායක මහත්මිය (Mrs International Sri Lanka 2024) යටතේ ජූනි මස සහභාගී වීමට නියමිත අන්තර්ජාතික තරඟාවලිය සඳහා සූදානම් වෙමින් සිටී.
Leave a comment