ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට

2025 ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් "ළමා දින ජාතික සතිය" ක් ප්‍රකාශයට පත්කළ අතර ඊයේ (01) දින එහි සමාප්තිය සහ ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවය ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් උදෑසන අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සභාව ආමන්ත්‍රණය කරමින් දරුවන් සුරක්ෂිත කිරීම සහ සවිබල ගැන්වීම කෙරෙහි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ රජයේ දැක්ම පිළිබඳවත්, හෙට ලොව වෙනුවෙන් සංවේදී සහ සහකම්පනයෙන් පිරිපුන් පුරවැසියන් බිහිකිරීම වෙනුවෙන් සමාජය සතු කාර්යයභාරයත් පැහැදිළි කරන ලදී.

ලෝක ළමා දිනය සංකේතවත් කරමින් මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීම,  ලෝක ළමා දිනයට සමගාමීව පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ සාහිත්‍ය තරඟාවලියේ නිර්මාණ එකතුවෙන් සකස් කළ "ක්ෂේම භූමි" නිර්මාණ සංග්‍රහය එළිදැක්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය අතින් සිදුකරන ලද අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධාන කළ "සිතුවිලි සිත්තම්" චිත්‍ර තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම, අත්වැල ශිෂ්‍යත්ව ප්‍රණාම වැඩසටහනේ සංකේතාත්මක ප්‍රතිලාභ ලබා දීම, ළමා සමාජ දරුවන් විසින් නිර්මාණය කරන ලද NeoGen නව මාධ්‍ය ප්‍රවේශය එළිදැක්වීම ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යතුමිය සහ නියෝජ්‍ය අමාත්‍යතුමන් අතින් සිදුවිය.

කිසිවෙකුත් අත් නොහැර යන සංකල්පය අනුව දරු දැරියන් 500 කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාන්තා සංසඳය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරියන්, තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ද එක්ව සිටියහ.

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න Read Previous

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න

අඟහරු මත තනි වන ඇලිසා Read Next

අඟහරු මත තනි වන ඇලිසා

Realted Post

Leave a comment