ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු උත්සවය

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

අද පස්වරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරි තරඟයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා,  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ දිනවල හැදෙන වෛරස් උණ Read Previous

මේ දිනවල හැදෙන වෛරස් උණ

මේක රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක් Read Next

මේක රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක්

Realted Post

Leave a comment