ආරුමුගම් මලරන්බන් සම්භාවනා උත්සවය

මාතලේ දිස්ත්‍රික්කයට සිව් වතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරදුන් ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරන්බන් මහතාට උපහාර පිදීමේ ආරුමුගම්  මලරන්බන් සම්භාවනා උත්සවය ජූනි 06 දා පෙ.ව.10.00 ට බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී පැවැත්වේ.

උත්සවයට සමගාමීව පල්ලේපොල උතුරු මාතලේ ආයුර්වේද හන්දියේ ගම මැද පාර ආරුමුගම් මලරන්බන් මාවත ලෙස නම් කිරීමට නියමිතය.

උපහාර උත්සවයේ ආරාධිත දෙසුම් අග්නිදිග විශ්ව ව්ද්‍යාලයේ ආචාර්ය අමරසිරි වික්‍රමරත්න, භාහිර කථිකාචාර්ය ජසීමා හමීඩ්   මහත්ම මහත්මීන් විසින් පවත්වනු ලැබේ.

සාහිත්‍ය සංලාපය සඳහා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා,කපිල කුමාර කාලිංග,දෙනගම සිරිවර්ධන,අනුරසිරි හෙට්ටිගේ,එම්. එම්. පීර් මොහොමඩ් එච්. එව්. වික්‍රමසිංහ ,.සරත් කුමාර ගමඇතිගේ,යන ලේඛක ලේඛිකාවන් සම්බන්ධ වේ.

උපහාර උත්සවයට බුද්ධ ශාසන ,ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු දිස්‍ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් .කලාකරුවන්,සාහිත්‍යයධරයන් ,රාජ්‍ය නිලධාරීන්,ඇතුළු රසවතුන් රැසක් සහභාගී වේ.

මෙම උත්සවය මාතලේ දිස්ත්‍රික් සාහිත්‍යකලා සංසඳය,දෙමල මුස්ලිම් කලා සංගම්,බොද්ධ මන්ධිරය හින්දු සහ මුස්ලිම් ආගමික ස්ථාන,රාජ්‍ය ආයතන ඇතුලත් මහතලා උපහාර කමිටුව මගින් සංවිධානය කරන බව මාතලේ දිස්ත්‍රික් සාහිත්‍යකලා සංසදයේ සභාපති ගාමිණි ගාමිණී නිශාන්ත කරුණාරත්න මහතා පැවසීය.

මාතලේ මහේෂ් කිර්තිරත්න  

සමන්තභද්‍ර හිමි මෙල්බන් නුවරට Read Previous

සමන්තභද්‍ර හිමි මෙල්බන් නුවරට

වැටීම් නැගිටීම් වගේම ප්‍රතික්ෂේපවීම් වලට මුහුන දී කලාව ජයගත් ඔහුගේ කතාව Read Next

වැටීම් නැගිටීම් වගේම ප්‍රතික්ෂේපවීම් වලට මුහුන දී කලාව ජයගත් ඔහුගේ කතාව

Realted Post

Leave a comment