ඇගයුම ඇගයුමට

රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගාවලියේදී මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ජාතික තරගාවලියේදී පස්වන ස්ථානය දිනාගත්  පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොල්වත්ත ග්‍රාම නිලධාරි නිල් ප්‍රියන්ත කරුණාරත්න පසුගියදා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ඇගැයීමට ලක් විය. 

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් ලබාදුන් සමරු තිළිණය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අතින් පිරිනමන ලදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. රියාල්ඩීන් හා පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනී එකනායක යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය.

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Previous

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment