ඇහැ­ලේ­පොළ වලව්වේ ඉටි රූ කෞතු­කා­ගා­රය ජන­පති අතින් විවෘත වේ

 

සිංහලයේ අව­සන් රාජ­ධා­නිය හා බැඳුණු ප්‍රතා­ප­වත් චරිත 36ක ගේ ජීව­මාන ප්‍රමා­ණයේ අනුරූ ප්‍රති­නි­ර්මා­ණය කර­මින්, සෙංකඩගල ඇහැ­ලේ­පොළ වලව්ව පරි­ශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතු­කා­ගා­රය අද (ජූලි 17) පෙරවරුවේ ජනාධිපති ගරු අනුර කුමාර දිසා­නා­යක මහතා අතින් විවෘත කරන ලදී.

ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් තිළින කිරීමට සූදානම්. පොතපතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොළ ඉටි රූ කෞතුකාගාරය තුළ දැන් ජීවමාන වී තිබේ.

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment