ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

මහනුවර කිංස්වුඩ්  ,ධර්මරාජ විද්‍යාල  රග්බි ක්‍රීඩා කණ්ඩායම් දෙක විලියම් වීරසිංහ අනුස්මරණ අභියෝගතා කුසළානය  හිමිකරගන්න ඓතිහාසික කන්ද උඩරට  සංග්‍රාමයට   සූදානම්.


විලියම් වීරසිංහ අනුස්මරණ අභියෝගතා කුසළානය හිමිකර  ගැනීම සඳහා   පවත්වන  මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර වාර්ෂික රග්බි තරඟය  ජූලි  මස  11  පස්වරු  4  00 ට ,මහනුවර  බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම  රග්බි තරඟාවළිය සියලු ක්‍රීඩකයන්ට ගෞරවනීයත්වයක් ඇතිවන පරිදි  සුහදත්වයෙන් පැවැත්වීමට සියලු ක්‍රීඩකයන්  වග බලා ගත යුතු බව,ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති නාමල්  චන්දන කුමාර  සහ  කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පති  ධම්මික හේරත් යන මහත්වරු ,මෙම    රග්බි තරඟාවළිය පිළිබඳව පැවති මාධ්‍ය  හමුවේදී ප්‍රකාශ කළහ.


මෙම  අවස්ථාවට ,මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංඟමයේ සභාපති මහේෂ් විජේතුංග,කිංස්වුඩ් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංඟමයේ සභාපති  මුදිත අබේකෝන්,ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායක ගයාන් සමරතුංග ,කිංස්වුඩ් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායක සමන්ත  නදීෂ , ආදී රගර්   ක්‍රීඩකයන්, විද්‍යාල දෙකෙහි  ආදී ශිෂ්‍ය සංඟම් නිලධාරින්,ධර්මරාජ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ එම් ආර් .කෝණාර මහතා ඇතුලු  ක්‍රීඩා භාර ගුරුවරුන්,රග්බි පුහුණු කරුවන්  සහභාගි වූහ.

ඡායාරූප විස්තර තරඟයට  විදුහල් දෙ.කේ රග්බි කණ්ඩායම් නායකයන්  ජයග්‍රාහී කුසළානය  රැගෙන එමින් විදුහල් දෙකේ  විදුහල්පති වරු  සහ ආදී ශිෂ්‍ය සංඟම් නිලධාරින් , ජයග්‍රාහී රග්බි කණ්ඩායමට හිමිවන  කුසළානය.

ජේ ඒ එල්  ජයසිංහ

බඩගින්නේ ඉදලා කෙට්ටු වෙන්න පුලුවන්ද? අලුත් පර්යේෂණය හෙළි වූ වැදගත් කරුණු Read Previous

බඩගින්නේ ඉදලා කෙට්ටු වෙන්න පුලුවන්ද? අලුත් පර්යේෂණය හෙළි වූ වැදගත් කරුණු

ආහාර මඟින් රුධිරයේ මේද මට්ටම පාලනය කළ හැකිද? විශේෂඥයන් දෙන උපදෙස් Read Next

ආහාර මඟින් රුධිරයේ මේද මට්ටම පාලනය කළ හැකිද? විශේෂඥයන් දෙන උපදෙස්

Realted Post

Leave a comment