කලා ලොවේ කලා තරු නව වසර පිළිගන්නේ මෙහෙමයි......

ෂැඩෝ එනවා - කුසල් මධුරංග

අලුත් අවුරුද්දේ ප්‍රේක්ෂකයන්ට අලුත් බලාපොරොත්තුවක් තියාගන්න පු`ඵවන්. අපි 2023 වසරේ කරපු ෂැඩෝ ෆිල්ම් එක ඕස්ටේ්‍රලියාවේ තමයි රූගත කිරීම් සිදු කළේ. ඉතින් මේ අලුත් වසරේ ඒ කරපු සිනමාපටය නිකුත් වෙන්න නියමිතව තිබෙනවා. ඒ එක්කම උයදකාන්ත මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි රූගත කිරීම් සිදුකෙරෙනවා. ඒ වගේම ආදරණීය රසිකයින්ට පු`ඵවන් මාර්තු මාසයේ සිට අලුත් ටෙලි නිර්මාණයක් රස විඳින්න. ඒත් එක්කම මගේ රටට සහ රටේ ජීවත්වෙන අපේ අහිංසක මිනිස්සුන්ට වාසනාවන්ත නව වසරක්ම ලැබෙන්න ඕනෑ. ඒ අයට තිබෙන ආර්ථික අපහසුතා, සියල්ලම පොඩ්ඩක් හරි වෙනස්වෙන වසරක් වෙන්න ඕනෑ. අපේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 

රටේ දරුවන්ට යහපත්කම වේවා - දමිතා අබේරත්න

මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ අලුත් වසර ශ්‍රී ලංකාවාසී මගේ ආදරණීය රටේ මිනිස්සුන්ට යපහත්ම වසරක් වේවා කියලා. ඒවගේම මම නව වසරේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දරුවන්ට සැනසීමෙන් ඉගෙන ගන්න හැකි යහපත් මානසික තත්වයක් උදාවෙන්න කියලා. ඒ වගේම මේ රටට ආදරේ කරන මිනිසුන්ට ආදරය දක්වන යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට පත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා. රටේ සියලුම පවුල්වලට යහපතක්ම වන ආදරය, කරුණාව, දයාව එකිනෙකා වෙනුවෙන් ඇතිවන සොඳුරු රටක් බිහිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් යමු සුබ නව වසරට...

අම්ම කෙනෙක් වෙන්නයි ලොකුම බලාපොරොත්තුව - අනූෂා දමයන්ති

මේ වසරේ මගේ අලුත්ම බලාපොරොත්තුව තමයි අම්මා කෙනෙක් වෙන එක. මගෙත් මගේ මහත්තයා අමිලගේත් ලොකුම බලාපොරොත්තුව මේ නව වසරේ මවුපියන්වීමයි. ඒ වගේම මේ වසරේ ව්‍යාපාරික කාන්තාවක් වෙන්නත් අලුතින් අඩිතාලමක් දමනවා.  මට ආදරය කරන හැමෝටම තවත් සුබ ආරංචියක් තියනවා. ඒ තමයි ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙසත්  අනූශා දමයන්තිව ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි. මේ බලාපොරොත්තුවලට අමතරව මම බොහෝවිට නිෂ්පාදිකාවක් ලෙසත් මේ වසරේදී දොරට  වඩියි කියලා හිතනවා. ඒ වගේම ලැබුවා වූ මේ නව වසර ලෝකවාසී සියලුදෙනාගේම නව බලාපොරොත්තු ඉටු වන සුබ නව වසරක් වේවා කියලත්  මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

මගේ අලුත්ම ගීත කිහිපයක් එළි දකිනවා - ශලින්ද ප්‍රනාන්දු

නව වසරේ සංගීත ලෝලී සියලු දෙනාට ජනවාරි - පෙබරවාරී අතර මගෙන් අලුත්ම ගීත කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මගේම ගීතයක්. ඇත්තටම 2023 තමයි මේක කරන්න හිටියේ. ඒත් රටේ තත්ත්වයත් එක්ක අලුත් දෙයක් කරලා තේරුමක් නැතිවෙයි කියලා හිතුණා. ඒ වගේම අපේ බෑන්ඩ් එකේ අලුත් වැඩකුත් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. සංගීත කටයුතු හැරුණාම ජීවිතේ අලුත් දේවල් ගැන සිහින මවන්නේ කතා කරන්නේ මගේ බිරිඳ සඳු සහ චූටි පුතත් එක්ක. ඒ වගේම අපේ බෑන්ඩ් එකට අලුත් වසරේ විදේශ සංචාර කිහිපයකුත් ඇවිත් තියනවා. ඕල් රයිට් සංගීත කන්ඩායම අපි මෙතෙක් වැඩිපුරම කළේ අවුට් ඩෝ ෂෝ. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපිම සංවිධානය කරලා ඉන්ඩෝ වැඩ ටිකක් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් අලුත් බලාපොරොත්තුත් එක්ක ඔල් රයිට් සංගීත කණ්ඩායම නව වසරේ මුළු රටටම වාසනාව සපිරි වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

පුළුවන් විදියට අනෙකාට උදව් කරමු - චතූ රාජපක්ෂ

නව වසරේ නව බලාපොරොත්තු ගොඩක් තියනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ රංගන ජීවිතේ කලා කටයුතු පැත්තෙන් ගත්තොත් අලුත්ම සිනමා පටයක ප්‍රධාන චරිතයට ආරාධනාවක් ලැබුණා. අලුත් ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබුණා. ඉතින් මම හිතනවා 2023 වසරට වඩා අලුත් වසරේ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම පවුල් ජීවිතේ පැත්තෙන් ගත්තොත් අපි දැන් විවාහවෙලා 2024 වසරට අවුරුදු 4ක් සම්පූර්ණ වෙන්න එනවා. ඉතින් ඒ නිසා තවත් විවිධ බලාපොරොත්තු තියනවා. දෙන්න තුන්දෙනා වෙන්නත් අදහසක් තියනවා. නමුත් ඒ ගැන තවම ප්ලෑන් කරලා නම් නැහැ. ඒ වගේම හරිම සතුටින් කාලය ගතකරනවා. ඉතින් මම මගේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ අපේ රටේ හුඟක් අඩුපාඩු, අඟහිගකම් ඇති. නමුත් පුළුවන් විදියට අනෙත් කෙනාට උදවු කරලා, සමඟියෙන් ඉස්සරහට යමු කියලා කියනවා. මොන ප්‍රශ්න බාධක තිබුණත් අපට ජීවිතේ අතහරින්න බැහැ. ජීවත්වෙන ටික කාලේ සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න උත්සාහ කරමු.

අපිට අප්පච්චිගෙ පිහිටයි!  - මාධවී ඇන්තනී

ජීවිතේ අසීරුම වසර දෙකක් පහුවුණා. මුහුණ දුන් සෙසු බිඳවැටීම්, කලකිරීම් හැම එකකින්ම පන්නරය අරන් හිත හදාගන්න පුළුවන් වුණත්, රත්තරං අප්පච්චි අනතුරට පත්වීමත් දිවියෙන් සමුගැනීමත් කිසිදාක සුව නොවෙන වේදනාවක් හදවතේ නිධන් කළා. ඒත් අපට ජීවිතේ අතාරින්න බෑ. මට කසුන් නිසා ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. අපි දෙන්නා හිතන්නෙ එක හිතින්. කලාව අපි දෙන්නගෙම වෘත්තිය. ඒ ලැබීම් ස්ථිර නෑ. ක්ෂේත්‍රය බොහොම තරගකාරීයි. පුද්ගලබද්ධයි. ඒ වගේම කලාවට අපේ රටේ කෙටුම්පත්ගත ක්‍රමවේදගත කර්මාන්තයක් නෑ. ප්‍රමිතිගත මිල සූත්‍රයක් නෑ. ඉතිං ගමන ලේසි නෑ. හැබැයි නිසි සැලස්මක් සහ අරමුණක් එක්ක අපි හිතනවා ජීවිතේ සැනසුම් සුසුම් හෙලන්න අපට පුළුවන් වෙයි කියලා. අපිට අප්පච්චිගෙ පිහිටයි. සැමට දෙවි පිහිටයි. 2024 නව වසර ලෝකවාසී හැමට හිත් පිරෙන, සශ්‍රීක, සුව වසරක් වේවා කියා පතනවා.          

හැමදෙනාගෙම අනාගතය සාර්ථක වේවා - ඉඳුවර සූරියබණ්ඩාර   

මුලින්ම ප්‍රාර්ථනා කරනවා 2024 වර්ෂය රටේ සෑම දෙනාටම සුබවෙන්න කියලා. රටේ පවතින මේ අසීරු වාතාවරණයක් එක්ක ජීවිතේ එන බාධකවලට මුහුණ දෙමින් අනාගතය සාර්ථක කර ගන්න හැමෝටම ශක්තිය ධෛර්ය ලැබේවා. 2024 වර්ෂයේ මමත් අලුත් වැඩ කිහිපයකටම අත ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඊට අමතරව ඍදආි සංගීත කණ්ඩායමේ වැඩකටයුතුත් සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් සුපුරුදු පරිදි කරගෙන යනවා.

ධෛර්යයෙන් ජීවිතයට මුහුණ f-දමු -දුෂේනි මියුරංගි

මේ වසරේ රටේ හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2024 වසරෙත් කම්කටො`ඵ බාධක ඒවි. ඒ දේවල් ගැන ධනාත්මකව සිතන්න.  ධෛර්යයෙන් මුහුණ දෙන්න. 2023 වසරෙන් මිදිලා 2024 වර්ෂයේ ජීවත් වෙන්න ඒ වගේම නව වසරේ මම රංගනයෙන් දායකවුණු සිංහබාහු සහ හීන නෙළුම් මල් නමින් චිත්‍රපටි දෙකක් තිරගතවීමට නියමිතයි.අලුත් ටෙලි නාට්‍යයකට සහ චිත්‍රපටයකටද ආරාධනා ලැබිලා තිබෙනවා.

අමාරු කාලය විමසිල්ලෙන් පසු කරමු - පූජන දන්දෙනිය

නව වසර සියලු දෙනාටම සුබ වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. අපේ අමරුකම්වලින් මිදෙන්න තීන්දු තීරණ බුද්ධිමත්ව ගන්න. රටෙන් නෙවෙයි අපේ පවුල් තුළින්මයි තීන්දු තීරණ ගන්න ඕනෑ. මේ අමාරුකාලේ ඉතාම විමසිලිමත්ව ජීවත්වෙන්න ඕනෑ. මම 2024 වසරේදි ජනවාරි 14 වැනි දින ්ජඑසබට ඔරදමච ්ජ්ාැපහ නමින් රංගන පාසලක් ආරම්භ කරනවා. මම අධ්‍යක්ෂණයෙන් දායකවුණු මකරෙක් ඇවිත් ළමා වේදිකා නාට්‍යය වේදිකාගතවීමට නියමිතයි. අලුත් ටෙලි නාට්‍ය කිහිපයක් රූගත කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මම රංගනයෙන් දායකවුණූ චිත්‍රපටයක් තිරගතවීමටත් නියමිතයි.

රටේ ජනතාව බුද්ධිමත්ව තීරණ ගන්නා වසරක් වේවා - - ධනංජය සිරිවර්ධන

 2024 වර්ෂයේවත් එකිනෙකාට දොස් කියා ගන්නේ නැතිව. සමාජ මාධ්‍යවලින් එකිනෙකාට පීඩනයක් දෙන්නෙ නැතිව බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න. අපි වෙනුවෙන් නොවෙයි අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් අපිට ගොඩක් දේවල් තියෙනවා කරන්න.දීර්ඝකාලීන විවේකයට පස්සේ ජීවිතයේ ඇත්තට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමු. අපි තමයි අපිම වෙනුවෙන් දේවල් කරන්න ඕනෑ.. 2024 වසර හැමදෙනාටම සුබ වසරක් වේවා! බුද්ධිමත් තීරණ ගන්න බුද්ධිමත් ජනතාවක් වෙන්න තීරණය කරන්න. ඒ වගේම මමත් අලුත් මුහුණුවරකින් අලුත් වැඩකින් ඔයාලා අතරට 2024 වසරේ එනවා.

සටහන - නයනා උදයංගනී  සහ​ ඉෂංකා ජයසූරිය

 

 

  

 

 

 

 

 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Previous

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Next

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

Realted Post

Leave a comment