කලා සිත් රූ කලා උළෙල නුදුරේදීම..........

කලා සිත් රූ කලා පදනම ගැන කිව්වොත් ?

කලා සිත් රූ පදනම පිහිටුවලා මේ වෙද්දී වසර 18ක් පමණ වෙනවා.මුලින්ම තොරණ් හදලා ඒවගේම චිත්‍ර ප්‍රදර්ශන තමයි අපේ පදනමෙන් කළේ.ඊටපස්සේ අපි දැක්කා කෙතරම් නවකයින් ඇගැයීමට ලක්වුණත් පැරැණි කලාකරුවන්ට එය ඇගයීම ලැබෙන බවක් .ඒක නිසා අපි හිතුවා පැරැණි කලාකරුවන් අගය කරන්න වගේම සම්මාන නොලැබුණු සම්මාන ලැබිය යුතු කලාකරුවන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන්න .

ඒ විදියට බොහෝ දෙනෙක් අපෙන් සම්මාන ලබලා තියෙනවා.ජීවත්ව සිටියදී නිහාල් නෙල්සන් ,ඩබ්ලිව් ප්‍රේමරත්න, ටෝනි හසන් ,ටෙනිසන් කුරේ  හා ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රංජිත් ඩයස් අවසන් වතාවට සම්මානයක් ලබාගත්තෙත් අපෙන් .මෙතැනදී සම්මානයක් කියලා අදහස් වෙන්නේ දේශමාන්‍ය වගේ සම්මාන නෙමෙයි.පුද්ගලයෙක්ට ගෞරව කරලා අගය කරමින් ලබා දෙන සම්මානයක්.ඊට අමතරව අපි ආර්ථික අපහසුතා ඇති පුද්ගලයෙක්ට නිවාසයක් ඉදිකරලා දුන්නා.කොරෝනා සමයේදී කලාකරුවන්ට මල්ලක් ලබා දුන්නා .අපේ අනුශාසක හාමුදුරුවෝ අපිට ඒ දේවල් වලට ලොකු සහයෝගයක් ලබා දුන්නා .එපමණක් නොව 2015 දී ප්‍රථම එළිමහන් ජෝතිපාල කලාවේදියා අනුස්මරණය කිරීමේ උත්සවයක් සංවිධානය කළා.එකට බොහෝ පිරිසක් සහභාගී වුණා .ඒක මේ වෙද්දි අඛණ්ඩව සිදුකරගෙන යාමට අපිට පුළුවන් වෙලා තියෙනවා .ඒ විදියට සමාජ මෙහෙවරක් කිරීමේ අරමුණින් පිහිටවපු පදනමක් විදියට කලා සිත් රූ පදනම හඳුන්වා දෙන්න පුළුවන් .

සම්මාන ප්‍රදානය ගැනත් මතක් කළොත්.

අපේ කලා සිත් රූ  කලා පදනම පිහිටුවලා මේ වෙද්දි වසර 18ක් .එදා ඉදන් අද වෙනකන් අපි මේ සම්මාන ප්‍රදානය සිදු කරනවා.ඒක පැවැත්වෙන්නේ මේ දෙසැම්බර් 23 වෙනිදා පස්වරු 2.00 ට හෝකන්දර උතුර ශ්‍රී සද්ධර්ම රත්මාරම විහාරස්ථාන ශාලාවේදී.එහිදී කලාකරුවන්,විද්වතුන් හා පොලිස් නිලධාරීන්  සම්මානයෙන් පිදුම් ලබනවා.එදින කථනය විජිත රණවීර විසින් සිදු කරනවා.ජනප්‍රිය කලාකරුවන් රැසක් ගායනයෙන් දායක වන එම අවස්ථාව සංගීතවත් කරන්නේ බ්‍රයන් ඇඩෝල්ෆස් ඇතුළු සීදුව සක්‍රා සංගීත කණ්ඩායම.

මේ  සම්මානය විශේෂ වෙන්නේ කොහොමද ?

අපේ කලා පදනමෙන් ලබා දෙන්නේ ජනතා ගෞරවය .නාමයක් නෙමේ.අපේ පදනම විසින් ලබාදෙන ගෞරවයක්.වයෝවෘද්ධ සමාජ සේවයක් කලාවට  සේවයක් කරපු 
සම්මාන නොලැබුණු බොහෝ දෙනෙක් ඉන්නවා .එයාලට අපි සම්මාන ලබාදෙනවා.
ඩී.බී.ගංගොඩතැන්න එතුමාටත් සම්මානයක් ලැබිලා නැහැ.ඔහුටත් සම්මානයක් ලැබෙනවා .

මෙවැනි සම්මානයක් ලබාදීමෙන් අපේක්ෂා කරන්නේ මොන වගේ දෙයක්ද ?

ඒ විදියට රටට කලාවට සේවයක් කරපු අය වයසට ගියාට පස්සේ මතක් කරනවා තමන් ජීවිතය කරපු දේවල් වගේම තමන්ට ජීවිතය ලැබුණ දේවල් .එතකොට මේ වගේ දෙයක් ලැබෙද්දී  ඔවුන්ට සතුටු හිතෙනවා.මට මෙහෙම හරි දෙයක් මේ පදනමෙන් දුන්නා කියලා ඔවුන් හිතනවා .

මේ සදහා එක්වන පිරිසත් මතක් කළොත්?

සූර්යකුමාර මුත්තලගේ,ජාලිය රණතුංග  ,ඩී.බී ගංගොඩතැන්න,එස්.කලාවතී  ,ආචාර්ය සමන්ති සාගරිකා ,අශාන්ති වර්ණසූරිය ,අමිල තරංග ,ෆිලික්ස් ඇන්ටන්,සරත් රොද්‍රගෝ , සුමිත් මුද්දනායක, නාමල් කොළඹ ආරච්චි වැනි කලාකරුවන් ,මාධ්‍යවේදීන් වගේම පොලිස් නිලධාරීන් සහ රණවිරුවන් විශාල පිරිසක් එක්වීමට නියමිතයි .

ලැබෙන සහයෝගයත් වචන කරමුද ?

බොහෝ දෙනෙක්ගෙන් සහයෝගය ලැබෙනවා .කලා පදනමේ ගරු අනුශාසක  රළපනාවේ  අරියසාර ගෞරවනීය   ස්වාමීන් වහන්සේ සහ පදනමේ ලේකම් දේශමාන්‍ය නීල් කුමාර සහ උපදේශක සුනිල් ධර්මසේන  ඇතුළු පිරිස මේ සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා.

සටහන -නෙත්මි තෂාරා

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Previous

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Next

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

Realted Post

Leave a comment