කලාවෙන් ගමනක් යන කළමනාකරණ සිසුවා

 

කලා ක්ෂේත්‍රයට දවසින් දවස නවකයින් එකතුවෙනවා. විශේෂයෙන් රංගනයට එකතුවන නවක මුහුණු ඕනෑ තරම් මාධ්‍ය තුළින් දැකගන්න පුඵවනි. මේ අතරින් තමන්ගේ නාමය සහෘද හදවත් තුළ ඉතිරි කරමින් ඉදිරියට යන්නට අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ හැකියාව හඳුනාගත් සැබෑ දක්ෂයින්ටයි. 


දනුජ කෝට්ටගේ කියන්නෙත් රංගනයට ආදරය කරන තවත් එක් නවකයෙක් කිව්වොත් නිවැරදියි. ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ නවකයෙක් ලෙස තමන්ගේ හැකියාවන් හඳුනාගෙන කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමයි. ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම අතිරේක චරිත කිහිපයකට දායක වීමට අවස්ථාව ලබා ගත් දනුජ ඔහු ගැන සිරිකතට අදහස් දැක්වූයේ මෙලෙසයි.


මම මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිය හදාරමින් සිටිනවා. ටෙලි නිර්මාණ කිහිපයකම අතිරේක ශිල්පියෙක් ලෙස රංගනයෙන් දායක වුණා. ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයටත් කැමතියි. රංගනයට මුලින්ම පැමිණෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක සනත් අබේසේකර මහතාගේ හිරු නාලිකාවේ විකාශනය වූ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ රනා සහ වීරා කියන චරිත සමග හිටපු රොඩ්ඩගේ චරිතයට. ඊට පස්සේ තවත් ජනප්‍රිය නිර්මාණ කිහිපයකටම දායක වුණා. 


රංගනයට වගේම නිරූපන ක්ෂේත්‍රයටත් මම තවම නවකයෙක්. අනාගතයේ කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ඉගෙනුම් කටයුතුත් සිදුකරගෙන යනවා. කලා ක්ෂේත්‍රයේ සිටින්නේ හරි ආදරණීය මිනිස්සු පිරිසක්. එන අභියෝග ජය ගනිමින් හොඳ ගමනක් යන්න තමයි එකම බලාපොරොත්තුව.

එන්. උදයංගනී    


 

MY STYLE  with  ශාලිකා Read Previous

MY STYLE with ශාලිකා

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Next

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

Realted Post

Leave a comment