කළමනාකරණ සේවයේ නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය

ජනතාවට සේවය නිසිපරිදි සපයන ස්වාධින හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ බවත්, ජනතාව වෙනුවෙන් කැපවුණ, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් රට සංවර්ධනය කිරීමේ කාර්යභාරයට එකතු⁣වන ලෙසත්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

කළමනාකරණ සේවයේ III වන ශේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයෙන් සමත්ව සම්මුඛපරීක්ෂණයෙන් තෝරාගත් නිලධාරීන් 1890 දෙනෙකුහට පත්වීම් ලබා දීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (29)  පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව  සඳහන් කළාය. 

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය, 

 ඔබ ඇතුලත් වෙන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය සේවයක් වෙනුවෙන් නොවන බව මතක් කරන්න කැමතියි.  මෙතෙක් කලක් පැවති අකාර්යක්ෂම හා දේශපාලන ගැති රාජ්‍ය සේවයකට නෙමෙයි ඔබ ඇතුලත් වෙන්නේ. 
ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ස්වාධීන රාජ්‍ය සේවයකටයි. 
.

ඔබ දන්නවා 2020 නොවැම්බර් මාසේ විභාගය පැවැත්වීමට තිබුණත් රාජ්‍ය සේවයේ විවෘත බඳවා ගැනීම් සීමා කිරීම නිසා මෙම තරග විභාගය අවුරුදු 04 කට පසුවයි පවත්වන්න සිද්ධ වුණේ.  රාජ්‍ය සේවය තුළ කළමනාකරණ සේවා නිලධාරීන් පන්දහසක පුරප්පාඩු තිබෙනවා. 

මේ විභාගය තිව්වෙත්,  කළමනාකරණ සේවා නිළධාරි සේවයේ පුරප්පාඩු 2.223 ක් පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණය අරගෙන. ඒ අනුව අද නවක නිලධාරීන් 1890ක් පමණ රාජ්‍ය සේවයට එකතු වෙනවා. 

ඒ වගේම මේ බඳවා ගැනීම සිදු කළේ,  2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ජන අනුපාතය අනුව එක් එක් දිස්ත්‍රික්කය සඳහා වෙන් වූ පුරප්පාඩු සංඛ්‍යාවට අනුව ලිඛිත පරීක්ෂණයේ දී ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ කුසලතා අනුපිළිවෙල හරියටම අනුගමනය කරලා,   රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණ පවත්වලා. ඉතාම විනිවිදභාවයෙන් යුතුවයි. 

ඒ වගේම ඉතිරි නිලධාරීන් බඳවා ගැනීමටත් මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

සම්ප්‍රදායික රාජ්‍ය සේවය වෙනුවට කාර්යක්ෂම  හා ස්වාධින රාජ්‍ය සේවයක් වෙනුවෙන් රජය කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ඩිජිටල්කරණය වූ රාජ්‍ය සේවයක් තුළින් ජනතාවට ඉතා ඉක්මනින් සේවය ලබා දීමටත්, ජනතාවට සංවේදී රාජ්‍ය සේවයක් ඇති කිරීමත් අපේ රජයේ අරමුණක්. 

අද රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ගැබිලා තිබෙනවා. අපේ රජයේ කිසිදු නියෝජිතයෙක් රාජ්‍ය සේවයට බලපෑම් කරන්නේ නැහැ. නමුත් යම් යම් අවස්ථාවල අපිට වාර්තාවෙනවා නිලධාරීන් ඒ ස්වාධිනත්වය අයුතු ලෙස භාවිත කරනවා කියලා. වංචාව, දූෂණය, අසාධාරණය රටපුරා අතිශය භයානක විදිහට පැතිරී තිබුණ නිසයි ජනතාව මේ රජය පත් කළේ. ඒ නිසා තව දුරටත් කිසිම සේවාවක අසාධාරණකම්, වංචා, දූෂණ සිදු වෙන්න  බැහැ. ඒ වගේ අවස්ථා අපිට වාර්තා වුනොත් රජය ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න බව මම ඔබට මතක් කරනවා. 
එවැනි වංචා, දුෂණ, අක්‍රමිකතා සිදුවන අවස්ථා වල අවංක නිලධාරීන් ලෙසත් මහජනතාව ලෙසත් ඊට විරුද්ධ වෙන්න අයිතිය ඔබට තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වූ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් රජය පමණක් නෙමෙයි රජ්‍ය නිලධාරීන් වන ඔබත් කැපවීමෙන් වැඩ කරන්න  අවශ්‍යයි.

ජනතාව වෙනුවෙන් කැපවුණ, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් රට සංවර්ධනය කිරීමේ කාර්යභාරයට එකතුවන අග්‍රාමාත්‍යතුමිය මෙහිදී නවක නිලධාරීන්ට ආරාධනා කළාය.

 මෙහිදී අදහස් දැක් වූ  රාජ්‍ය පරිපාලන, පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා 

මේ බඳවා ගැනීම් සිදුවන්නේ කිසිම දේශපාලන බලපෑමකින් හෝ පෞද්ගලික සබඳතා මත නෙමෙයි. තරග විභාගය සමත්වෙලා සම්මුඛ පරික්ෂණයට මුහුණ දිලා ඔබේ කුසලතා මත පමණයි. 

ඉදිරියේදී සීමිත තරඟ විභාගයේ පිරිසක් අපි මේ සේවාවට බඳවා ගන්න කටයුතු කරනවා. වසර හතරකට පසු රාජ්‍ය සේව⁣යට බඳවා ගන්න වැඩිම පිරිස ලෙස ඔබ අද රාජ්‍ය සේවයට එකතුවෙනවා. අද පත්වීම් ලබන ඔබ විශ්‍රාම යනවිට රාජ්‍ය සේවය පවතින තත්වයෙන් ඉහළට ඔසවා තැබීමට  සහය දුන් බවට සතුටක් ඇතිවන ලෙස වැඩ කරන්න, 

අපි ස්වාධින හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් මහන්සි වෙනවා ඔබත් ඔබේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන්න. 

රාජ්‍ය සේවාව පිලිබඳ අත්දැකීම් ඔබ සැමටම ඇති, ඒ කටුක සෘණාත්මක අත්දැකීම ඔබෙන් ජනතාවට සිදු නොවීමට වගබලා ගන්න ඒ වගේම ජනතාවට ඉතා හොදින් කාර්යක්ෂමව සේවාව ලබා දීමට වගකීමෙන් වැඩකරන්න

, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් නිශාන් මෙන්ඩිස්  යන මහත්වරුන් පත්වීම් ලාභින් මෙම අවස්ථාවට සහභාගී විය.

නංගි නිසා තමයි contents  කරන්න පටන් ගත්තේ Read Previous

නංගි නිසා තමයි contents කරන්න පටන් ගත්තේ

කතරගම පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් Read Next

කතරගම පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත්

Realted Post

Leave a comment