කාදිනල්වරුන්ගේ සමුළුව මැද නිකුත් වූ රෝස පැහැ දුම

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීමට කටයුතු සිදු කළා. 

එය රහස් ඡන්දයකින් සිදු කෙරුණු අතර එම සිදුවීම වතිකානුවේ සිස්ටීන් දෙව්මැදුරේදී සිදුවිය. 

69 හැවිරිදි රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල්තුමන් නව පාප්තුමා ලෙස තෝරා ගනු ලැබීය. 

පිරිමින් පමණක් සහභාගීවන කාදිනල් හමුවට විරෝධය දක්වමින් ක්‍රියාකාරීන් රෝස පැහැ දුමාරයක් නිකුත්කර තිබෙනවා. 

රටවල් 70න් පමණ පැමිණි පිරිමි කාදිනල්වරු 133 දෙනෙකු නව පාප්වරයෙකු තේරීමට වතිකානට රැස්ව සිටියා. 

මේ කණ්ඩායම, කාන්තාවන්ට පූජකවරියන් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිට ඇති බවයි විදෙම් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 
 
ඒ අනුව තවදුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, කාන්තාවන් තවමත් කතෝලික පල්ලියේ පූජකවරුන් ලෙස පත් වීමට නොහැකි බවයි. 

සටහන - කසුනි විජේසිංහ 

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment