කාන්තා හදවතේ දෝංකාරය ’’රැයක් හෝ පැයක්’’

දිගු කලක් ආදරයෙන් ඇසුරු කර සෙනෙහසින් අතිනත බැඳුණත් , චංචල හිත් වෙනස් වෙන්නේ නිමේෂයකින් . විඳීමට ඇති ජීවිත විඳවන්නට වූ දින , දාරක ප්‍රේමය වෙනුවෙන් මවකට කළ නොහැක්කක් නොමැත. " 90' දශකයේදී  තිරයට පිවිසි ප්‍රවීණ රංගන ශිල්පී ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ  " රැයක් හෝ පැයක් " චිත්‍රපටිය ඔක්තෝම්බර් 30 වන දින සිට  එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත. 

ඉවසීමේ සීමාව ඉක්මවා අධික මානසික පීඩනයට ලක්වූ කල බොහො දේ සිදුවන්නෙ නොසිතු නොපැතු අයුරිනි. සෑම කාන්තාවක් විසින්ම නොවරදවා නැරඹිය යුතු  ආදර්ශමත් කතා තේමාවක් මත නිර්මිතව ,  ඉන්දු ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙසින් තිරයට පිවිසෙන " රැයක් හෝ පැයක් " සඳහා  චන්න පෙරේරා, ලාල් වීරසිංහ , දිල්රුක්ෂි වීරප්පෙරුම , කුමාර ජයකාන්ත , රජිත හිරාන් , නොෂින් ද සිල්වා  සමගින් රුද්‍රා,  සන්ජනා නයිදු ,   යෝගිරාම් ඇතුළු ඉන්දියානු රංගන ශිල්පීන් රැසක්  රංගනයෙන් ඔපවත් වී ඇත. ආර් කුලන්දායි යේසු කතාව සහ තිර රචනය ලියා ඇති අතර ,  කැමරා අධ්‍යක්ෂණයෙන්  තංගයියා මාඩසාමි , කලා අධ්‍යක්‍ෂණයෙන් එම් . සෙල්වරාජ් සමගින් නාලක කුරුප්පුආරච්චි, සටන් අධ්‍යක්ෂණයෙන් ෂේන් අර්යන් සහ එස්.ආර්. මුරුගන් ,  සහය අධ්‍යක්ෂණයෙන් චාමර බලන්ගොඩ ,    සාධුනී  ජයපත්මා සුබ්‍රමණි , ගීත ගායනයෙන් නොයෙල් රාජ් පීරිස් ,  චම්පා කල්හාරි , දිනූෂ නානායක්කාර, ශෂිකා මධුෂානි ද ,ගීත රචනයෙන් සුනිල් ධර්මසිරි සමගින් හර්ෂ උඩකන්ද , පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණයෙන් සජිත් ඇන්ඩසන් සහ සම්පත් ප්‍රනාන්දු , විධායක  නිෂ්පාදනයෙන් මංජුලා  ද සිල්වා සමගින් නිශාන්ත ප්‍රදීප් එක්ව ඇති  "රැයක් හෝ පැයක්"  ධනුෂි ප්‍රේමරත්නගේ නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය Read Previous

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න Read Next

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න

Realted Post

Leave a comment