කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ

පසුගිය දිනවල සමාජමාධ්‍යවල බොහෝදෙනෙකුගේ අවදානයට ලක්උන පූස් පැටවෙකු ළිඳකට දමා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්  Animal Welfare Coalition AWC - Sri Lanka සංවිධානය මගින් පැමිණිල්ලක් යොමුකරන්න කටයුතු කර ඇති බව මුහුණු පොතේ දක්නට ලැබුණා. 

පසුව ඒ සම්බන්ධව යක්කල පොලිස් ස්ථානය වෙත ලිපියක් මගින්ද දැනුවත් කිරීමට කටයුතු සිදුකළ අතර ඒ ඔස්සේ ක්‍රියාත්මක උන යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම අමානුෂික ක්‍රියාව සිදුකළ කාන්තාවට සහ ඇයගේ නිවසියන්ට පොලිස් ස්ථානයට කැදවීමක් සිදුකර තිබූ බවයි එම ලිපියේ සඳහන් වනවා. 

එම අවස්ථාවට ජේෂ්ඨ නීතිඥ සිරිවීර මහතාව යක්කල පොලිස් ස්ථානය වෙත යොමු කිරීමට BawBaw Animal Welfare අපිට හැකියාව ලැබී තිබුණු බවද එහි සඳහන්. 

එම කාන්තාව සහ ඇගේ පියා පැමිණ මේ සම්බන්ධව පොලිසිය ඉදිරියේ විස්තර ලබාදුන් අතර ඔවුන් පවසා ඇත්තේ මෙම සිදුවීම මීට වසරකට පමණ පෙර සිදුව ඇති බවත් එම කාලයේ ඇය දරැණු ලෙස මානසික ආබාධයකින් පීඩාවිදමින් සිටිය බවත් මේ වනවිට මානසික රෝහල් වෙත යොමු කිරීමෙන් සහ වෛද්‍ය උපදේශකවරැන්ගේ අධීක්ෂණයෙන් පසු ක්‍රමවත් ලෙස ඖෂධ ලබාගැනීම නිසා ඇය සුවය ලබා සිටින බවත් ඇයවිසින් සිදුකළ මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධව ඇයද දැඩිලෙස කම්පනයට පත්වන බවත්වයි. 

ප්‍රතිකාර වලට අදාළ වෛද්‍යවාර්තාවන් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර ඇයගේ මවද මේ වනවිට මානසිකව රෝගීව ඇතිබව ඔවුන් පවසා තිබෙනවා. 

මීට අමතරව අවට ගම්වාසීන්ටද ඇය විසින් සිදුකළ හිරිහැරයන් සම්බන්ධව පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති අතර ඉහත කරැණු සියල්ල සැලකිල්ලට ගෙන යක්කල පොලිසිය මගින් නැවත මෙවැනි ආකාරයක සිදුවීමක් සිදුඋනහොත් ගරැ අධිකරණය හරහා පූර්ණ කාලීනව මානසික රෝහලක් වෙත යොමු කිරීමේ තීන්දුවක් ලබාදීමට කටයුතු සිදුකරන බවටද පැහැදිලි කර, ඔවුන්ව නැවත මුදාහැරීමට කටයුතු ද කර තිබෙනවා. 

පසුගිය කාලය පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්ථා වුණු ගෘහාශ්‍රිත සතුන්ගේ හිංසනයන් සහ ඝාතනයන් සම්බන්ධව සිදුවීම් වලදී අදාළ පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධව ලැබුණ දඬුවම සහ දඩමුදල් පිළිබඳව කිසිදු ආකාරයකින් සෑහීමකට පත්විය නොහැකි බව ද එම ලිපියේ සඳහන්. 

ජාතියක ශේෂ්ඨත්වය මැනීමේ මිනුමක් ලෙස එම ජාතිය සතුන්ට සලකන ආකාරය ගැන සිතන දියුණු ලෝකයක අවිහිංසාවාදී දහමක් මූලික කරගත් අපේ රටේ පවතින යල්පැන ගිය සත්ව සුබසාධන පනත වෙනුවනට නව සත්ව සුබසාධන පනතක් සම්මත විය යුතුයි. 

එසේ සිදුවන තෙක් මෙවැණි සිදුවීම් වල අඩුවක් බලාපොරොත්තු විය නොහැකි අතර සතුන්ට ආදරය කරන සියලුම දෙනාගේ වගකීම වන්නේ ඒ වෙනුවෙන් හඩනැගීමයි. 

මුහුණු පොතෙන් උපුටා ගැනීමකි. 

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක් Read Previous

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක්

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට Read Next

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

Realted Post

Leave a comment