කොළඹ මහ නගර සභාවට නගරාධිපති ව්‍රායි...

ඒ මීට සුළු මොහොතකට පෙර කොළඹ මහ නගර සභාවේ ආරම්භ වූ මංගල සැසියේ නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමේදීයි.
 
 ඒ අනුව කොළඹ නගර සභාවේ නගරාධුපති ධුරය හිමිවූයේ ව්‍රායි කැලී බල්තසාර්ටයි.
 
 ඡන්ද 61ක් ලබා  ගැනීමට ඇය සමත් වී තිබුණා. 
 
කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය වෙනුවෙන් තරග කළ රීසා සාරුක්ට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.
 
 නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා. 
 
එහිදී ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති කරනු ලැබුවා. 

 
කෙසේ වෙතත් අවසානයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment