ගෙදර බුදුන් අම්මා වෙනුවෙන් ’’ මදර් ලංකා’’ ළඟදීම...

ලෝක මව්වරුන්ගේ  දිනයට සමගාමීව පසුගිය මැයි 11වන  දිනට යෙදී තිබුණ ලෝක මව්වරුන්ගෙ දිනය සිහිගන්වමින් , අනූෂ සංජීව එදිරිමුණි  විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ " මදර් ලංකා  " චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් , අම්මාවරුන් හා මාධ්‍යවේදීන් , ආරාධිතයින්  ඇතුළු විශාල පිරිසක් මධ්‍යයේ පැවැත්විණ. අප මෙලොව ජීවමානව දුටු ගෙදර බුදුන් අම්මා ලෙස ලොවම හඳුන්වන  ආදරණීය අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවා වෙනුවෙන් උපදින දාරක ප්‍රේමයත් , බැඳීම හා සෙනෙහසත් කුමන අවහිර බාධක පැමිණියද නොබිඳී නොසැලී තම ලෙයින් උපන්  දරුවාගේ  යහපත වෙනුවෙන් දහසක් දුක්  කම්කටොලු ඉවසා වදාළ  අම්මාවරුන් කොතෙකුත් ලෝකය පුරා ඇති වග නොරහසකි ? එවන් අම්මා කෙනෙකුගේ  දිරිය පිරි දිවියේ කඳුළු කතාවයි  " මදර් ලංකා " සිනමා කව්‍යය.


  ශාලු නම් ඇය තම මව් බිම රනින් සැරසූ අභිමානවත් ජාත්‍යන්තර  තලයේ ක්‍රීඩිකාවක්ව සිටියදී , සියළු සිහින එක් නිමේෂයක් තුළ දියව යන්නේ හදිසි ගැබ් ගැනීමක් හේතුවෙනි.සියල්ල අ'තැර හුදකලා සටනක නිරතවන ශාලු ගේ එකම අරමුණ තම දියණිය එමී ව ඉහල තලයකට ඔසවා තැබීමයි. පියා කවුරුද නොදත් එමීටත් , ශාලුටත් සහයට එන්නේ   , තවත් අසරණ වු  හා සමාජ ගැරහුමට ලක්වූ ගැහැණියක් වන සත්‍යායි. දක්ෂ බැඩ්මින්ටන් සූරියක් වන එමී , ලෝක ශූරතාවය දක්වා  අනේකවිධ අවහිරතා මැද රැගෙන යන දිරිය මවක වු ශාලු ගේ අනුවේදනීය කඳුළු කතාව " මදර් ලංකා " ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.


මෙහි ශාලු ලෙසින් තරින්දි ප්‍රනාන්දු , එමී ලෙසින් සිනමාවට හඳුන්වාදෙන සෙනුකි දිශල්‍යා ,සහ සත්‍යා ලෙසින් ධනංජය සිරිවර්ධන විශිෂ්ඨ රංගනයක යෙදෙන අතර, බිමල් ජයකොඩි , සනත් ගුණතිලක ,දිල්හානි අශෝකමාලා , හර්ෂිකා රත්නායක , ධර්මප්‍රිය ඩයස් , කළණ ගුණසේකර ,චතුරංග කොඩිතුවක්කු ,හේෂානි ලියදිපිට ,මාදිනි මල්වත්ත , සරත් කොතලාවල ,කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන්‍ රැසක් රංගනයෙන් දායකව ඇත . තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත් , කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන් , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න , සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන ,සමූහ  අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි  එක්වී ඇති " මදර් ලංකා "  ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි .

 

සටහන
ඇන්ටන් .ජේ. ප්‍රනාන්දු

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment