ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ  ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.
 
හානියට පත් සියලු ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් යළි ගොඩනඟනවා.
 
මධ්‍යම කඳුකරය ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට නව අධිකාරියක් පිහිටුවනවා.
 
ඉතිහාසයේ පළමු වතාවට මෙම පෙබරවාරි මාසයේදී වතු ජනතාවට රුපියල් 1750ක දෛනික වැටුපක් හිමි වෙනවා.
 
පළමු වසරට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම 29 වනදා අරඹනවා. 
 
වසර 13ක අධ්‍යාපනය සම්පූර්ණ නොකර කිසිදු දරුවෙක් පාසලෙන් පිටමං නොවිය යුතුයි.
 
ආර්ථික සංවර්ධනය මෙන්ම යහපත් මිනිස් සබඳතා සහිත සමාජයක් අවශ්‍යයි.
 
ජනපති 
 
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ  ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.
 
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර, උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන 06ක් පූර්ණ හානියට ලක්ව තිබෙන අතර සිද්ධස්ථාන15කට අර්ධ හානි සිදුව තිබේ. 
 
ඒවා යළි ගොඩනැඟීම ආරම්භ කරමින් සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් විය. 
 
දිට්වා සුළි කුණාටුවෙන්  දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1350කට  පමණ හානි සිදුව ඇති බවත්, ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහ සබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 
 

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Next

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

Realted Post

Leave a comment