ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් සමුගනී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හා අංශාධිපති අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී ඇත'

වයස අවුරුදු 73ක් වූ හේරත් මහතා, පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් දිගු කලක් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඊයේ (මැයි 29) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වූ බව සනාථ කර ඇත.

හේරත් මහතා සිය ජීවිත කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු සහ අංශාධිපතිවරයෙකු ලෙස සේවය කරමින් සිංහල භාෂාව හා සාහිත්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ බව ඔහුගේ සහෘද ඇදුරුවරුන් සහ සිසුන් පවසති.

අත්තනායක එම්. හේරත් මහතා සිරිකත පුවත්පත සමග ද සම්බන්ධ වී සාරවත් ලිපි පෙළක් පළකර ඇති විද්වතෙක් ද වෙයි.

විශිෂ්ට දේශකවරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු, සිය විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු දැනුමක් සහ අවබෝධයක් ඇති විද්වතෙකු ලෙස බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය.
ඔහුගේ දේහය මේ වන විට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර, අවමංගල්‍ය කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිත බව පවුලේ සාමාජිකයින් දන්වා ඇත.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment