ජොං-මූන් චෝයි මහතා සහ මහින්ද අතර හමුවක්

කොරියානු ජනරජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකාවේ හිටපු කොරියානු තානාපති, ජොං-මූන් චෝයි (Jong-Moon Choi) මහතා සහ මහින්ද අතර සුහද හමුවක් පසුගිය දින කොළඹ පිහිටි නිවසේ දී පැවැත්විණි.

එහි දී, මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව (ICAPP) සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් ආසියානු රටවල් අතර හවුල්කාරිත්වය සහ කලාපීය සහයෝගිතාව ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳ සුහද කතාබහක නිරත විය. 

අනෝන්‍ය  වශයෙන් විශ්වසනීය අවබෝධයකින් යුතු, සුරක්ෂිත සහ තිරසර ආසියානු කලාපීය සහයෝගිතාවයක් උදෙසා සුබ පැතුම් එකතු කරමින් තමා ජනාධිපති ධුරය ධරපු කාලය තුළ කලාපීය රටවල දකුණු කොරියානු ආයෝජන අවස්ථා පුළුල් කරමින් නව ආසියානු මුලපිරීමක් වෙනුවෙන් එම මහතා සිදු කළ කාර්යභාරය සිහිපත් කරමින් මෙම පැමිණීම සම්බන්ධයෙන් කොරියානු ජනරජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකාවේ හිටපු කොරියානු තානාපති, ජොං-මූන් චෝයි මහතාට හිටපු ජනාධිපති මහින්ද තම ස්තූතිය පිරිනැමුවේය.  

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Previous

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

AI සමුළුව සහ ප්‍රදර්ශනය Read Next

AI සමුළුව සහ ප්‍රදර්ශනය

Realted Post

Leave a comment