තලගොල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් විපතට පත් පිරිස මුදවා ගැනීමට යුද්ධ හමුදා සහාය

2025 නොවැම්බර් 23 වන දින රාත්‍රී 8.30 පමණ, රඹුක්කන-මාවනැල්ල මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් තලගොල්ල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිස් අනතුරින් විපතට පත් පිරිස මුදවා ගැනීමට ක්‍රියා කර ඇත.

මෙහිදී ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අනතුරට පත් ත්‍රිරෝද රථය තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙක් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

මේ වන විට  රඹුක්කන - මාවනැල්ල  මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කර ඇත.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට Read Previous

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් Read Next

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

Realted Post

Leave a comment