තාරුණ්‍ය ඔපවත් කළ යෞවනයේ මහා මංගල්‍ය 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල

හෙළ කලා කෙතට අංකුර කලාකරුවන් හදුන්වාදෙන, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මහා කලා මංගල්‍ය “ජාතික යෞවන සම්මාන උළෙල” පෙරේදා (29 දා) අති උත්කර්ෂවත් අන්දමින් මහරගම යොවුන් රගහලේ දී පැවැත්විණි. 

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාතාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව 43 වැනි වරට මෙවර සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.
එහිදී විශේෂ අවශ්‍යතා සහිත යෞවන යෞවනියන් ඇතුළුව දිවයින පුරා විසිරී සිටින අංකුර කලාකරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා ඇගයීමට ලක් කරනු වස් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ත්‍රිත්වයෙන් පවත්වන ලද තරග අංශ 95ක දක්ෂයන් 131 දෙනෙකු වෙත සම්මාන පිරිනැමීය.
එහිදී නාට්‍ය අංශයේ දක්ෂතා දැක්වූ 56 දෙනෙකුට සහ සංගීත, නිවේදන, ගද්‍ය හා පද්‍ය රචනා, නර්තන, චිත්‍ර, ඡායාරූප යනාදී තරග අංශයන් යටතේ දක්ෂතා දැක්වූ 75 දෙනෙකු යෞවන සම්මාන උළලේ දී ඇගයීමට ලක් විය.
ඒ අතරින් දිගු නාට්‍ය අංශයේ හොදම නළුවා ලෙස ‘ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව’ නාට්‍ය‍යේ වසන්තගේ චරිතය රගපෑ බිමල් රසංජය සහ හොදම නිළිය ලෙස ‘රැඩිකල් ප්‍රේමය’ නාට්‍ය‍යේ රැජිනගේ චරිතය රගපෑ චානිකා එස්. ඩබ්ලිව්.දිසානායක සම්මාන දිනා ගත්හ. 
මීට අමතරව කෙටි නාට්‍ය අංශයේ හොදම නළුවා ලෙස ‘තුන් තුඹ මල්’ නාට්‍ය‍යේ පිකාසෝගේ චරිතය රගපෑ හසිත් වෙත්තසිංහ සහ හොදම නිළිය ලෙස ‘පැනලා යං’ නාට්‍ය‍යේ කුඩම්මාගේ චරිතය රගපෑ සඳුනි ජයසේකර සම්මානයෙන් පිදුම් ලැබූහ.
43 වැනි ජාතික යෞවන සම්මාන උළලේ හොඳම දිගු නාට්‍ය නිෂ්පාදනය ලෙස ‘ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව’ නාට්‍යයත්,  හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය ලෙස ‘ගමනක් යං’ කෙටි නාට්‍යයත් සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජාතික තරුණ සේවා සභාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති පසිඳු ගුණරත්න සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටිය හ.

තක්ෂිලා පතිරණ

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment