දකුණු කොරියාවට නව ජනපති කෙනෙක්

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයේ දී විපක්ෂය නියෝජනය කළ ඩිමොක්ක්‍රටිස් පක්ෂයේ ලී ජේ - මියුන්ග් තේරී පත් වී තිබේ. 

ඒ 51.7% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. 

පසුගිය මාස 6 පුරාවට දකුණු කොරියාවේ පැවති දේශපාලන අර්බුදය නිමා කරමින් ඉදිරි වසර 5 සඳහා නව ජනාධිපති කෙනෙක් මෙසේ තෝරා පත් කර ගන්නා ලදී. 

පසුගිය වසරේ එනම්, 2024 වසරේ දෙසැම්බර් 03 වැනි දින හමුදා නීතිය ප්‍රකාශයට පත් කරමින් රට පුරා ඇති කළ නොසන්සුන්තාවය හේතුවෙන් එරට ජනාධිපති යූන් සුක් යොල් එම ධූරයෙන් නෙරපා දැමුණි. 

අප්‍රේල් 04 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඔහුව ධූරයෙන් පහ කරනු ලැබී ය. 

දකුණු කොරියාව තුළ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට තිබුණේ 2027 වසරේ දී ය. 

නමුත් මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙසේ නැවත ජනාධිපතිවරණයක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දකුණු කොරියාව තුළ ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 79.4% වන අතර එය දකුණු කොරියාවේ වසර 30 කට පසුව වාර්තා වූ ඉහළ ම ඡන්ද ප්‍රකාශ කිරීමේ අගය ලෙස ද සලකනු ලබයි.


සහශ්‍රිකා දයානන්ද

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Next

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

Realted Post

Leave a comment