දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දුම්බර හරිත සවිය ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයන්ට අනුකූලව දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාව සඳහා භූමිය සහ ගොඩනැගිලි භාර දීම පසුගියදා නිල වශයෙන් අමාත්‍යංශ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ලග්ගල - කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා භාවිතා කරනු ලැබූ කළුගඟ ව්‍යාපෘති කාර්යාල පරිශ්‍රය සහ ගොඩනැගිලි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ අනුමැතිය සහ උපදේශකත්වය යටතේ දුම්බර හරිත ව්‍යාපෘතිය සඳහා භාර දෙනු ලැබීය.
දුම්බර හරිත සවිය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව බලාත්මක කිරීමට යෝජිත මෙම පුහුණු සහ පර්යේෂණ තක්සලාව සඳහා GCF නකල්ස් ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යාපෘති සංරචකයන් මගින් ආවරණය වන සුවිශේෂී කාර්යයන් සහ සංකල්පීය දැනුවත් කිරීම් සඳහා පාදකවන දුම්බර හරිත සවිය ව්‍යාපෘති ලේඛනය අනුව දෙවන සහ තුන්වන ප්‍රධාන සංරචකයන් මගින්, යෝජිත දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අභිප්‍රායන් ආවරණය කර තිබේ.
ඒ අනුව ව්‍යාපෘති ලේඛනයේ සඳහන් "කුඩා ඉඩම් හිමි ගොවීන්ට හරිත සංවර්ධන අවස්ථාවල ඵල නෙලා ගැනීම පිණිස ව්‍යවසායක හා ආයතනික සංවර්ධනය උදෙසා තාක්ෂණික සහයෝගය ලබාදීම මෙන්ම දියුණු වන දැනුම පාදක කරගත් කාලීන කාලගුණය සහ වෙළඳපල තොරතුරු සඳහා ප්‍රතිචාරය දක්වන ඒකාබද්ධ ග්‍රාමීය උපදේශන ධාරිතා සංවර්ධනය කිරීම" යන මේ ප්‍රධාන සහ උප ප්‍රධාන ක්‍රියාකාරකම්වලට යටත්ව දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාව සූදානම් කරමින් තිබේ.
විෂයභාර අමාත්‍ය ගරු කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමාගේ ද ආශිර්වාදය සහ මග පෙන්වීම යටතේ නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් ඇමතිතුමාගේ දැනුවත් වීමෙන් සහ අමාත්‍යංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ සෘජු සහභාගිත්වයෙන් සහ අධීක්ෂණයෙන් යෝජිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ කටයුතු සක්‍රීය කිරීමට කටයුතු යොදමින් තිබේ.
ව්‍යාපෘති ලේඛන සහ මූලික මග පෙන්වීම්වලට යටත්ව ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ චන්දිකා වී ඇතුගල මහත්මියගේ උපදෙස් පරිදි මෙම ඓතිහාසික සහ අධ්‍යාත්මික පසුබිම් සහිත ප්‍රදේශයන්හි සම්ප්‍රදායික දැනුමෙන් පිරි ප්‍රතිලාභී ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
මාතලේ, මහනුවර ඇතුළු ව්‍යාපෘති බලප්‍රදේශයන්හි ප්‍රතිලාභී ප්‍රජාවගේ දරුවන් ඇතුළු කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, පාරිසරික, සංචාරක හා සංවර්ධන අගය දාම එකතු කළ ආහාර කර්මාන්තය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ මුහුණ දීමට සරිලන ශක්තියකින් යුතු ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණු පෙරදැරිව තෝරා ගත් පුහුණු සහ පර්යේෂණ වැඩසටහන් රැසක් යෝජිත තක්සලාව මගින් සිදු කිරීමට පියවර ගනු ලැබේ.
මාතලේ කළුගග ව්‍යාපෘති කාර්යාල පරිශ්‍රයේ පැවැති තෙදින ආගමික වැඩසටහන් සහිත මෙම චාම් සහ අභිමානවත් උත්සව අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ අතිරේක ලේකම් සහ දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ චන්දිකා වී ඇතුගල, පාර්ශවකාර ආයතනවල නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන්, ව්‍යාපෘති නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වුණි.

Leave a comment