බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

මහනුවර ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින ගුණානුස්මරණයට සමගාමීව සංවිධානය කළ මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සැමරුම් උළෙල පසුගියදා මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.

8 වන මහනුවර ශාන්ත පාවුළු / ශ්‍රී සුමංගල ආදි බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස:

කපිල ප්‍රියන්ත මහතා – සහය ප්‍රධාන කොමසාරිස් (ජාතික බාලදක්ෂ මූලස්ථානය)

දේශප්‍රිය රත්නායක මහතා – මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති සහ පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති

යන මහත්වරුන් සහභාගී වූහ.

මීට අමතරව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම් සහ පළාත් බාලදක්ෂ කොමසාරිස් ක්‍රිශාන් වාසලගේ මහතා, මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් මංජුල සිරිවර්ධන මහතා ඇතුළු සහය කොමසාරිස්වරුන් ද, ශාන්ත පාවුළු/ශ්‍රී සුමංගල ආදි බාලදක්ෂ සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බේඩන් පවෙල් සාමිතුමන්ගේ දර්ශනය අනුස්මරණය කරමින් සහ බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක් Read Next

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක්

Realted Post

Leave a comment