දිවි පිදූ අපේ අභීත රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවීම

සංග්‍රාම භූමියේ දී  රට වෙනුවෙන් දිවි පිදූ අපේ අභීත රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවීමත්, ක්‍රියාන්විතයේ දී ආබාධිත තත්ත්වයට පත් වූ සහ අනෙකුත් සියලු ම රණවිරුවන් වෙනුවෙන් සෙත් පැතීමත්, එමෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සියලු ම සිවිල් වැසියන් වෙනුවෙන් පිං පැමිණවීමත් යන අරමුණු පෙරදැරිව විජයග්‍රණයේ දිනය යෙදී තිබූ ඊයේ දින (18) පස්වරුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා , නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හිතවතුන් පිරිසක් ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් සිදු කළ අයුරු.

මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබදව දැක්වූ අදහස්,
මා අදහන සහ විශ්වාස කරනු ලබන බුද්ධ දර්ශනයට අනුකූලව රණවිරු දරුවන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි උතුම්ම කාර්යය මෙය යැයි මම සිතමි. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඇතැම් සේනාංකවල  යුධ සෙබළුන්  ඔවුන්ගේ දෑතින්ම බුදු පිළිම නිර්මාණය කරමින් පූජා කළා මට හොඳින් මතකය. යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් වෙනුවෙන් තමයි අපි රණවිරුවන්ගේ දෑත් වලින්ම සඳ හිරු සෑය ගොඩනගා රණවිරුවන්ගේ නාමයෙන් සම්බුද්ධ ශාසනයට පූජා කළේ.

රණවිරුවන් වෙනුවෙන් පැවැත්වූ ආගමික කටයුතු සඳහා නිස්සරණාධ්‍යාශයෙන් යුක්තව මූලිකත්වය ගනිමින් කටයුතු කළ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නායක, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ෂවයේ කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ආචාර්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය පුද කරමි. එමෙන්ම, පිං කටයුතු සඳහා සහභාගී වූ සහ සම්බන්ධ වූ සැමටත් මාගේ ස්තූතිය පිරිනමමි.

ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩල පාලන අතුරුමුහුණත එළිදැක්වේ Read Previous

ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩල පාලන අතුරුමුහුණත එළිදැක්වේ

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක් Read Next

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක්

Realted Post

Leave a comment