දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළා පූර්ණ යුද්ධ හමුදා ගෞරව සහිතව අවසන් ගමන් යයි

දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් ලාන්ස් කොප්‍රල් ඒ.පී. මරියලුජිසන්ගේ දේහයට පූර්ණ හමුදා ගෞරව පිරිනැමීම පසුගියදා (01) කිලිනොච්චිය, අයියකකච්චි ප්‍රදේශයේ සාවත්ති පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

2014 ජූනි මස 01 දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ලාන්ස් කොප්‍රල් මරියලුජිසන් 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කිරීමෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී, මුරිකන්ඩි ප්‍රදේශයේදී 2026 අප්‍රේල් මස 19 වන දින සිදුවූ දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා තිබුණි. 

අනතුරෙන් පසු ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  ජීවිතක්ෂයට පත්විය.

මියගිය සෙබළාට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදා ජේෂ්ඨ නිලධාරීන්, සෙබළුන්, ප්‍රදේශවාසීන් ඥාති මිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී වූහ.

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Previous

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Next

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

Realted Post

Leave a comment