දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න

ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගැණුනු බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමට සදහා අවස්ථාව උදා වන්නේ අද (10) රාත්‍රී 10වන තුරු පමණි. 

ඒ අනුව අධ රාත්‍රී 10වන තුරු පෝළිමට එකතු වන බැතිමතුන්ට දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඒ අනුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ගේ වන්දනාවට වැඩමවූ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් වීමට නියමිතය.

ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගැණුනු බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීදිනෙන් (11වනදා) අවසන් වන අතර මෙම දිනයන්හි කිසිදු දීර්ඝ කිරීමක් සිදු නොවන බව ගංගාරාමාධිපති පුජ්‍ය අස්සජි නාහිමියෝ පැවසුහ. ඒ අනුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ට අද (10) හයවැනි දිනටත් දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

පැමිණෙන සැදැහැවතුන් අප සමඟ අදහස් දක්වමින් පැවසුවේ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව තව දින කිහිපයක් දීර්ඝ කිරීම යෝග්‍ය බවය. මේ ගැන අප වැඩි දුරටත් කළ විමසීමේදී ගංගාරාමාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් අප සමඟ සඳහන් කළේ, ධාතූන්වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පෝලීම් සඳහා එක්වීම අද රාත්‍රි 10.00න් පසුව අවසන් කෙරෙන බවයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව පසුගිය පෙබරවාරි 5 වැනිදා ආරම්භ වූ අතර උතුම් සර්වඥ ධාතූන්වහන්සේලා ඉන්දියාවෙන් පිටතට පළමු වරට වැඩමකරවූ අවස්ථාව මෙය වේ. 

එමෙන්ම සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාමාන කරගැනීමට දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන්, අන්‍යාගමික ජනතාව මෙන්ම විදේශිකයින්ද ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටිති. 

කෙසේවෙතත් ධාතූන්වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් වීමට නියමිතයි.

අශන්ති වරුණසූරිය

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Next

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

Realted Post

Leave a comment