නව වර්ණයක් සොයා ගනියි...

වොෂින්ටන් සහ කැලිෆෝනියා විද්‍යාඥයින් පවසන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික මිනිස් පරාසයෙන් ඔබ්බට  නව වර්ණයක් සොයාගෙන ඇති බවයි.

මෙම වර්ණය සඳහා ඕලෝ යන නම ලබා දී ඇති බවද වාර්තා වෙයි. 


මෙම නව වර්ණය සොයා ගැනීම සිදුකරන ලද්දේ සෛලයෙන් සෛලයට ආලෝකයේ බෙදා හැරීම මගින් ඇසෙහි සංජානනය ඍජුව පාලනය කරනු ලබන Oz නම් තාක්ෂණය භාවිත කරමිනි. 

දැනට පවතින පරිදි මෙම නව වර්ණය දැක ඇත්තේ පස්දෙනකු පමණක් වන අතර වෙනත් කිසිදු වර්ණයක් එයට නොගැලපෙන  බව බර්ක්ලීහි දී  කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෙන් එන්ග් මහතා පෙන්වා දෙන ලදී.

මෙම අධ්‍යනයට සහභාගී වූ මහාචාර්ය එන්ජී සහ අනෙකුත් පර්යේෂකයන් මෙම නව සොයා ගැනීම් වර්ණ අන්ධතාවය පිළිබඳව තවදුරටත් පර්යේ ෂණ සිදු කිරීම සඳහා ඉඩ සලසන  බව විශ්වාස කරයි.

එමෙන්ම වර්ණ අන්ධතාවය පවතින පුද්ගලයින් මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳවත් මේ වන විට සොයා බැලීම් සිදු කරයි.


සටහන : විශ්වනී හසලා

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment