නැගී එන ඉන්දීය අධ්‍යක්ෂවරයාට මොකද වුණේ?

මෑත කාලයේ නැගී එන ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක් වන ලෝකේශ් කණගරාජ් හට පුද්ගලයෙකු මදුරෙයි මහ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව විදෙස් පුවත් වාර්තා කරනවා. 

මෙයට හේතුව ලෙස ඔහු දක්වන්නේ ලෝකේෂ්ගේ චිත්‍රපට තුළ දැඩි ලෙස ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කෙරෙන බවත්, කාන්තාවන්ට හානි කිරීම සහ කාන්තාවන් ඝාතනය කිරීමට පෙළඹවීම හා මත්ද්‍රව්‍ය සම්බන්ධ කරුණු ප්‍රදර්ශනය කිරීමෙන් සමාජය වැරදි මාර්ගයකට යොමු කරන බවයි. 


තවද ඔහු තලපති විජේ රඟදැක්වූ LEO චිත්‍රපටිය නැරඹූ පසු දැඩි මානසික පීඩාවකට මුහුණ දෙමින් සිටින බවත්, මෙයට ඔහුට මුදලින් වන්දි ගෙවීමක් සිදු කළ යුතු ලෙසත් මෙම නඩුවෙන් ඔහු ඉල්ලා සිටිනවා. ඒ සමඟ, ඔහු, ලෝකේෂ් කණගරාජ් ව සම්පූර්ණ මානසික පරීක්ෂණයකට යොමු කළ යුතු බවත් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සටහන - කසුනි විජේසිංහ

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment