නැවේ ගින්න නිවන්න අමාරුයි

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ වැන් හෙයි 503 භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබූ අන්තරායකර බහාලුමක් කේරළ වෙරළට නාවික සැතැපුම් 88 ක් ඔබ්බෙන් පුපුරා යාමෙන් හටගත් ගින්න නිවා දැමීමට ඉන්දීය වෙරළ ආරක්ෂකයන් අසමත් වී තිබුණා. 

ගින්න හටගැනීමත් සමග අතුරුදන්වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවුදෙනා පිළිබඳව තොරතුරක් ලැබී නැහැ. 

ගින්න හට ගැනීමත් සමග එහි තිබූ බාහාලුම් කීපයක් මුහුදට වැටී ඇති බවත් ඊයේ (10) වනවිට නැව ඇලවීමට ආරම්භ වී තිබූ බවත් ඉන්දීය වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ සඳහන් කෙරුණා. 

ඉක්මනින් ගින්න නිවීමට අපොහොසත් වුවහොත් නැව මුහුදුබත් වීමේ වැඩි අවස්ථාවක් ඇතැයි බවද ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ පවසා තිබෙනවා. 

වැන් හෙයි 503 භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගින්න හටගත් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ කොළඹ වාරයේ සිට ඉන්දියාවේ මුම්බායි වරාය වෙත ගමන් යාත්‍රා කරමින් තිබුණා.

ලංකාදීප වෙබ් අඩවිය ඇසුරින්

සටහන - කසුනි විජේසිංහ

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි Read Previous

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි Read Next

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි

Realted Post

Leave a comment