පදක්කම් රැසක් සමඟින් 13 වන ආරක්ෂක සේවා ධාවන පැදි ශූරතාව යුද්ධ හමුදාවට

13 වන ආරක්ෂක සේවා ධාවන පැදි තරඟාවලිය 2025 සැප්තැම්බර් මස 11 වන දින සාලියපුර, ගජබා සුපර් ක්‍රෝස් ධාවන පථයේදී පැවති අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට යුද්ධ හමුදාව සමත් වී තිබෙනවා. 

ජාතික ශූරතා යතුරු පැදි ඉසව් පහක් (5) යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් දහඅට දෙනෙකු (18) සහභාගී වූ අතර, එම ක්‍රීඩකයින් රන් පදක්කම්- 05ක්, රිදි පදක්කම් 05ක්, ලෝකඩ පදක්කම්- 02ක් හිමිකර ගැනීමට සමත් වුණා. 

MX 125 cc හා MX 250 cc තරඟ කාණ්ඩයන්හි ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් තුවක්කු සෙබළ තාරක නාමල් තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ශූරතාව හිමිකරගනු ලැබුවා. 

තරඟාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මූලස්ථාන වන්නි ආඥාපති, මේජර් ජෙනරල් ප්‍රදීප් කුලතුංග සහභාගී වුණා. 

මේ අතර මෙම අවස්ථාවට යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සුභාත් සංජීව, ශ්‍රී ලංකා ධාවන පැදි ක්‍රීඩා සම්මේලනයේ (FMSSL) උප සභාපති මිලාන් නිරන්ජන් මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියා. 

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Previous

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Next

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

Realted Post

Leave a comment