පරිසර සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ජූනි 05 වැනි දිනට යෙදී තිබෙන ජගත් පරිසර දිනය නිමිති කොට ගෙන පරිසර සතියක් ප්‍රකාශයට පත් කොට තිබේ.

2025.05.30 එනම් හෙට දින සිට 2025.06.05 දින දක්වා පරිසර සතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 

මෙවර පරිසර දිනයේ තේමාව බවට පත් වන්නේ, "ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර හානිය වළකමු" යන්නයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ මැයි 30 එනම්, හෙට දිනය "ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිනය" ලෙස ද නම් කර ඇති බවයි.

මීට පෙර පවත්වන ලද පරිසර දිනවලට වඩා වෙනස් අයුරින් මෙවර පරිසර දිනය පැවැත්වීමට අදහස් කරන බවයි පරිසරවේදීන් සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම වසර තුළ පැවැත්වීමට නියමිත පරිසර දිනය පරිසර හිතකාමී ව්‍යාපෘතිවල ආරම්භක දිනයක් ලෙසත්, ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට නව වනාන්තර එකතු කරන දිනයක් ලෙසත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

සහශ්‍රිකා දයානන්ද

ටී ෂර්ට් එක ලස්සන  නිර්මාණයක් කරමුද Read Previous

ටී ෂර්ට් එක ලස්සන නිර්මාණයක් කරමුද

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’ Read Next

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’

Realted Post

Leave a comment