ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක් අත්අඩංගුවට

ගණේමුල්ග පොලිස් වසමේ බොල්ලතේ ප්‍රදේශයේදී  බස්නාහිර පලාත් උතුර  අපරාධ කොට්ඨාශයේ  පොලිස්  කණ්ඩායමක් සිදු කල වැටලීමකදී  කොකේන් මත් ද්‍රව්‍ය  කිලෝ ග්‍රෑම්  හතරාමාරක්    (4  1/2  )  ක් සහ මත්පෙති   3450ක් , සමග , ගණේමුල්ල  , බොල්ලතේ , පදිංචි   48  හැවිරිදි   කතක්  අත් අඩංගුවට  ගත්  බව , පොලිස් මාධ්‍ය කොට්ඨාශය  පවසයි.

වැටලීම සිදුකල  පොලිස්  කණ්ඩායමට  ලද තොරතුරක් මත මෙම මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරිය මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන  ඇත. 

අත් අඩංගුවට  පත් කාන්තාව ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සම්බන්ධ වී මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ. මැය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇගේ  පුත්‍රයා පළා ගොස් තිබෙන අතර ඔහුද මත් ද්‍රව්‍ය බෙදා හරින්නෙකු බවද , පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්ලා ගන්නා ලද මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දහයකට අධික බවද  පොලීසිය පවසයි.

ජේ ඒ එල්  ජයසිංහ

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Previous

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Next

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

Realted Post

Leave a comment