පාකිස්තාන මහ කොමසාරිස් සහ මහින්ද සුහද හමුවක

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා හා මා අතර සුහද හමුවක් (22) පස්වරුවේ විජේරාම නිල නිවසේ දී පැවැත්විණි.

පාකිස්තානය යනු අත්‍යවශ්‍යම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වූ අපගේ සමීප මිතුරෙක් බවත් රටෙහි යුධමය වාතාවරණයක් පැවති අසීරුතම අවස්ථාවන්හි පාකිස්තානය අප රට වෙත ලබාදුන් සහයෝගය නිසාම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් එවකට ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති තුමන් කොළඹ දී ඝාතනය කිරීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ විය. අසල්වැසි මිත්‍ර රාජ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ  අප රටට අඛණ්ඩව සහයෝගය ලබා දීම සම්බන්ධයෙන්  කෘතඥ තාවය ප්‍රකාශ කරන බව   මෙය අවස්ථාවේදී හිටප්‍ය් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

වැඩි දුරටත් හිටපු ජනපති මෙසේද පැවසීය. 

ආගමික, දේශපාලනික, ආර්ථික හා සාමාජයීය වශයෙන් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් වේවායි ප්‍රාර්ථනා කරමි. පැරණි මිතුරෙකුගේ පැමිණීම අතීත මතකයන් සිහිපත් වීමට හේතු වූ බව සතුටෙන් දක්වමි.

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම 2025 Read Previous

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම 2025

පොලීසියේ යැයි පවසා සිවිල් ඇදුමින් අපරාධ  කරන පිරිසක් Read Next

පොලීසියේ යැයි පවසා සිවිල් ඇදුමින් අපරාධ කරන පිරිසක්

Realted Post

Leave a comment