පුංචි තිරයේ අහිංසකාවිය මිෂෙල් දිල්හාරා දමිළ සිනමාවට

ශ්‍රී ලාංකික ටෙලි තිරය සිය රංගන ප්‍රතිභාවෙන් හැඩ කළ මිෂෙල් දිල්හාරා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂන්ගේ අතිශය ජනාදරයට පාත්‍රව සිටින ටෙලි තරුවකි. රිදී තිරයේ අලුත් ගමනක් අරඹමින් මිෂෙල් Adhiran සිනමා නිර්මාණය තුළින්  දමිළ සිනමාවට ප්‍රවිශ්ට වී ඇත. 

'Adhiran' දමිළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන මිෂෙල් පැතිකඩ කිහිපයකින්ම මේ චිත්‍රපටය තුළ සිය රංග ප්‍රතිභාව විදහා දක්වා ඇත.  විශිෂ්ට රංගනය කුසලතාවයට අමතරව ඇයට ආගන්තුක භාෂාවක් වන දමිළ භාෂාව සුහුරු ලෙස හැසිරවීම ද ඉතා ඉතා විශිෂ්ට මට්ටමක ඇත. මෙම චිත්‍රපටය තුළ මිෂෙල්ට ම ආවේණික වුණු දමිළ සුන්දරත්වයක් ඇයගේ චරිතය තුළින් අපට දැක ගත හැකියි. 

තිනේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කළ මෙම Adhiran චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී ඇති අතර මෙම වසරේ අප්‍රේල් - මැයි කාලවකවානුව තුළ මෙම චිත්‍රපටය චිත්‍රපටශාලා වල විකාශය වීමට නියමිත බව  වාර්තා වේ. 


සිය රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිසථානයක් සනිටුහන් කළ මිෂෙල් දිල්හාරාට සිරිකත අපගේ උණුසුම් සුබ පැතුම්!

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment