භාතිය අවසන් සුසුම් හෙළයි...

පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලෑබු ‘භාතිය‘ හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. 

ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින අතරතුර භාතිය වැතිර සිටි ඉරියවුව වෙනස් කරමින් ඊයේ දින (14) අනෙක් පසට හැරවීමද වෛද්‍ය උපදෙස් අනුව සිදු කෙරුණා. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් , යුද හමුදාව ඇතුළු කණ්ඩායමක් එක්ව භාතියට ප්‍රතිකාර කිරීමේ සියලුම කටයුතු සිදු කළා. 

කෙසේවෙතත් දින ගණනාවක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු භාතිය හස්තියා අද උදෑසන 8.55ට පමණ සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කර තිබුණා.

මාතලේට ගිය ඉන්දීය සිනමා නළු ගඟන් මලික් Read Previous

මාතලේට ගිය ඉන්දීය සිනමා නළු ගඟන් මලික්

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන තේවා මාරුව අද පස්වරුවේ Read Next

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන තේවා මාරුව අද පස්වරුවේ

Realted Post

Leave a comment