මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක්

"මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ  වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් ළඟදීම"

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් -

අද (14) දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා සහ ළමා අනුකමිටුව කැඳවූ අවස්ථාවේදී  අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් කාන්තා සහ ළමා විෂය  ක්ශේත්‍රයට අදාළ තොරතුරු, ගැටළු සාකච්ඡා කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලට සමගාමීව මෙම කාන්තා සහ ළමා අනුකමිටු පිහිටුවීම සිදුවිය.

මෙම අනුකමිටුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ක්ශේත්‍ර නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් මැදිහත් වන අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂාව පිළිබඳ වගකියනු ලබන ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ විශේෂ සංඛ්‍යා දත්ත සහ තොරතුරු පිළිබඳ අමාත්‍යවරිය නිලධාරීන්ගෙන් විමසූ අතර එහිදී හඳුනාගත් අඩුපාඩු සහ දත්ත මදිකම් පිළිබඳව සැළකිලිමත් වන ලෙස අමාත්‍යවරිය සියලු නිලධාරීන්ට අවධාරනය කළේය.

දිස්ත්‍රික්කය තුළ පවතින ක්ශේත්‍ර නිලධාරීන්ගේ පුරප්පාඩු පිළිබඳව සමාලෝචනය කෙරුණු අතර එම පුරප්පාඩු සපුරා ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමෙන් මැදිහත් වන බව එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට අමතරව දැනට පරිවාස ගත කර සිටින දරුවන් අතුරින් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කළ හැකි ළමුන් පිළිබඳ වාර්තාවක් සකස් කර රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් එම දරුවන් නැවත සමාජගත වීමේ දී ස්වාධීන පුරවැසියන් බවට පත්කිරීමට කටයුතු කරන ලෙස උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් තුමිය වෙත දැනුම් දෙන ලදී

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ භාග්‍ය හේරත් මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යලයන් හි විශය සමගාමී ක්ෂේත්‍ර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුව ඇතුළු කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන ආයතන වල නිලධාරීන් එක්ව සිටියහ.

මාධ්‍ය අංශය 
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි Read Previous

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

පහර දීම ගැන කළින්ම ඔත්තුවක් ලැබිලා ? Read Next

පහර දීම ගැන කළින්ම ඔත්තුවක් ලැබිලා ?

Realted Post

Leave a comment