මෙරට ප්‍රථම වතාවට ලිංගික වෘත්තීය ශ්‍රමික කාන්තාවන් සංවිධාන ගතවෙයි

මෙරට ලිංගික වෘත්තීය ශ්‍රමික කාන්තාවන් හෙවත් ගණිකාවන් 10,000 කින් (දස දහසක්) යුත් සාමාජික කාන්තාවන්ගෙන් සැදුම්ලත් නව සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ.

මෙම වෘත්තීයේ යෙදෙන ලිංගික ශ්‍රමික කාන්තාවන් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම,සමාජය විසින් වෙනස් කොට සැලකීම,රජයෙන් වෙන් කෙරෙන ප්‍රතිලාභ නොලැබීම,කොන් කිරීම,ලිංගික ශ්‍රමික වෘත්තිය නීතිගත කිරීම මෙන්ම ඒ සඳහා නිසි ක්‍රමවේදයක් රජය මැදිහත් වී සකස් කිරීම  ඇතුළු තම වෘත්තීය කරගෙන යාමේදී මතුවන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඒ සම්බන්ධව රජයට කරුණු ඉදිරිපත් කිරීමේ  අරමුණින් මෙම සංවිධානයය පිහිටුවාගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම සංවිධානය ප්‍රජා ශක්ති සංවර්ධන පදනම නමින් හැඳින්වෙන අතර මෙය මෙරට ඉතිහාසයේ ප්‍රථම හා විශාලතම සංවිධානගතවීම බව ඔවුන් පවසයි.

මෙම සංවිධානය තුළ කොළඹ,ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ ගණනාවක කාන්තාවන් දස දහසක් සාමාජිකත්වය ලබාගෙන තිබේ.

මෙහි සාමාජිකත්වය ලබාගෙන සිටින බොහෝ කාන්තාවන් ආර්ථික දරිද්‍රකාවය නිසා මෙන්ම පිරිමි පාර්ශ්වය විසින් නොසලකා හැරීම නිසා ලිංගික ශ්‍රමික කාන්තාව වෘත්තිය සඳහා යොමු වී ඇති බවයි එම පදනම සඳහන් කළේ.
මෙලෙස සංවිධාන ගතවී ඇති කාන්තාවන් අවුරුදු 18ත් 69ත් අතරේ පසුවෙන කාන්තාවන් වන අතර එයින් සියයට 60ක් වැනි බොහෝ පිරිසකට නිසි අධ්‍යාපනික දැනුමක්ද නොමැති බව  හඳුනාගෙ නිබේ.
මෙම කාන්තාවන් අතර තම ස්වාමි පුරුෂයීන් අතහැර යාම,මියයෑම, ස්වාමි පුරුෂයා දීර්ඝ රෝගී තත්ත්වයකට පත්වීම,ස්වයාමි පුරුෂයා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම,දික්කසාද වීම,පෙම්වතා විසින් දූෂණයට ලක්වීම,පෙම්වතා විසින් මෙම වෘත්තීය සඳහා යොමු කිරීම මෙන්ම මුදලට අලෙවි නිසා මේ තත්වෙට පත්ව ඇත.

මෙම ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්.ඒ.ලක්ෂ්මන් මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මේ වනවිට පිහිටුවා ගෙන ඇති මෙම සංවිධානය හරහා ලිංගික වෘත්තීය ශ්‍රමික කාන්තාවන් මෙම වෘත්තීයෙන් ඉවත් කර ගැනීම තම සංවිධානයේ අරමුණ නොවන අතර ඔවුන්ට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන HIV ලිංගික සෞඛ්‍ය  වැඩසටහනට යොමු කිරීම මෙන්ම ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම පිරිස් යොමු කරන බවයි.
මේ වන විට තම සාමාජිකයින් 300ක් පමණ පිරිසක් ස්වෙච්චාවෙන් ම ස්වයන් රැකියා සඳහා යොමු වී තිබෙන අතර ඒ සඳහා ඔවුන්ට පහසුකම් සැලසීමටත් තම සංවිධානය බැඳීි  සිටීයි.
තම සංවිධානය කිසිම අවස්ථාවක ගණිකාවන් යන නාමය භාවිතා නොකරන අතර ඒ සඳහා ලිංගික ශ්‍රමික කාන්තාවන් ලෙස හඳුන්වනු ලබයි.
මේ සම්බන්ධව දැනටමත් නීතිඥ සංවිධාන ඇතුළු තව සංවිධාන දැනුවත් කිරීමේ අරමුණින් වැඩමුළු සංවිධානයනය ගතකර ඇති අතර එමගින් මෙම ලිංගික වෘත්තීයේ ඒතනඑතන කාන්තාවන් සඳහා යම් යම් සීමාවන්ට යටත්ව නීත්‍යානුකූල භාවය ලබා ගැනීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින බව ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්.ඒ.ලක්ෂ්මන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට  අක්තපත්‍ර භාර දෙති Read Previous

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට  අක්තපත්‍ර භාර දෙති Read Next

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

Realted Post

Leave a comment