මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

මහනුවර නගරය තුල සහ තදාසන්න  නගර වල උග්‍ර ගෑස් හිඟයක් පවතින බව  නාගරික ජනතාව පවසති.

තෙල්දෙණිය නගරයේ  ගෘහස්ත ගෑස් වර්ග (ලිට්රෝ සහ ලාෆ්) කිසිවක් නැති බවත් ,පවතින උග්‍ර ගෑස් හිඟය හේතුවෙන් නගරයේ ආපන ශාලා කීපයක් වසා දැමූ බවද ආපන ශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් පැවසූහ.

මහනුවර නගරයේ දින විස්සක ට  අධික කාලයක්  මෙම ගෘහස්ත ගෑස් හිඟය පවතින බව නගරයේ පදිංචි කරුවන් පැවසූහ.ගෑස්  නොමැති කම හේතූවෙන් තමන්ට ආපන ශාලා  පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි මහනුවර ආපන ශාලා හිමියන් කීප  දෙනෙක්ම පැවසුහ.
ලාෆ් ගෑස් මිළ වැඩි කිරීමත් සමග මසක පමණ කාලයකින්  එම ගෑස්     දිගන ,තෙල්දෙණිය සහ මහනුවර නගර වල ගෑස් අළෙවි නියෝජිතයන්ට ලැබී නැති බව ඔවුන්ද පවසති.
අධික වර්ෂාවත් සමග  නිවෙස් වල සහ ආපන  ශාලා වල ආහාරපාන සකස් කිරීමටද මෙම ගෑස් හිඟය නිසා දැඩි බාධා එල්ල වී  ඇති බව  නාගරික  ජනතාව පවසති.

  • ජේ  ඒ  එල්  ජයසිංහ

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද? Read Next

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද?

Realted Post

Leave a comment