මාතලේ ශ්‍රී මුත්තුමාරියම්මන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය

මාතලේ ශ්‍රී මුත්තුමාරියම්මන්  දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය මාර්තු මස  02  දින  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
වාර්ෂික තේරු උත්සවය වෙනුවෙන්  කප් සිටුවීම  පෙබරවාරි 08 දින සිදුකිරීමට නියමිත අතර පෙබ. 08 සිට මාර්තු  05 දක්වා  උදේ සවස  විශේෂ දේව පුජා පැවැත්වේ.  මාර්තු මස 01 වන  ඉරු දින මහ දානය  පිරි නැමීම  සිදුකිරීමට නියමිතය. තේරු වීදි  සංචාරය කිරීම  මාර්තු  02 වෙනි දින පෙරවරුවේ ආරම්භවන අතර   දිය කැපීම  මාර්තු 03 දිනත් මල් ඔන්චිල්ලාව මාර්තු 05 දිනත්  සිදුකෙරේ.  
  මාතලේ  මුත්තුමාරි අම්මාන් කෝවිලේ පැවැත්වෙන වාර්ෂිත  තේරු උත්සවය සම්බන්ධයෙන්  මුලික සාකච්ඡාවක්  මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති,  බුද්ධ ශාසන, ආගමික  හා සංස්කෘතික කටයූතු රාජ්‍ය  අමාත්‍ය  ගමගෙදර දිසානායක  මහතාගේ  ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම්  කාර්යාලයේදී  පැවැති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.  
මෙම අවස්ථාවට මාතලේ නගරාධිපති අජිත් කොට්ටහච්චි මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු  රාජ්‍ය  නිලධාරින් මාතලේ  ශ්‍රි මුත්තුමාරි අම්මාන්  දේවස්ථානයේ  පාලක මණ්ඩලයේ නිලධාරින්  ඇතුළු පිරිසක්  මෙම  අවස්ථාවට  සහභාගි වී  සිටිහ.

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Next

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

Realted Post

Leave a comment