මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ, ’’Golden Goals ’’

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ,  "Golden Goals " ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය දා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ස්වර්ණමය ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම පිණිස දරුවන්ට මග පෙන්වීම සහ ඔවුන් තුළ අභිප්‍රේරණයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබිණි.
            නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබ්.එම්.කහල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා, විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්, රූපවාහිනී ගුවන් විදුලි සන්නිවේදිකාවක්,ලේඛිකාවක් සහ ගේය පද රචිකාවියක්වන නිශාන්ති නිරෝෂනී මහත්මිය විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
           2025 වසරේ විෂය කටයුතු,විෂය සමගාමී හා විෂය බාහිර කටයුතුවලින් දක්ෂතා දැක්වූ දරුවන් සහ ඒ වෙනුවෙන් මගපෙන්වූ ආචාර්ය මණ්ඩලය ඇගයීම මෙහිදී සිදුකෙරුණි.
          සුජාතා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ඊ.ඩී.කේ.පොන්නම්පෙරුම මහත්මියගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය ඒ සඳහා සහයෝගය දක්වා තිබුණි.
            ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව දරුවන්ගේ නිර්මාණ සහ පාසලේ තොරතුරු ජනගත කිරීම පිණිස නිර්මාණය කළ විද්‍යුත් සගරාව එළිදැක්වීම ද සිදුවිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Previous

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Next

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

Realted Post

Leave a comment