මාලිනී ජනාධිපති අරමුදල ‘හොරකම් කළ හොරෙකු නොවේ’

හෙළයේ මහා නිළිය ජනාදිපති අරමුදලේ මුදල් අවභාවිත කළා යැයි කියන නාම ලේඛනයට දමා අවමානය ලක් කළ යුතු කාන්තාවක නොවන බව  මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහිණී කවිරත්න පවසයි. 

තමන් මේ ගැන පාර්ලිමේන්තුවේ දී පැවසු බවත් ලේඛන එයට සාක්ෂි වනු ඇති බවත් පවසන මන්ත්‍රීවරිය තව දුරටත් මෙසේ පැවසුවාය. 

මාලිනී ගේ දේහය ද අළු ගොඩක් බවට පත්ව අවසන්. වසර 9 කට පෙර ඇයට සැත්කමක් කළ බවත්, 2022 වන විට ඇය දරුණු පිළිකා රෝගයකට ගොදුරු වූ සැත්කමක් කළ බවත් දැන් රටම දනී.

මාලිනී පුරවැසියෙකු ලෙස තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් කර ඇත.  රජයක් ලෙස ප්‍රතිචාර එයට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ජනාධිපති අරමුදලේ මුදල් වෙන් කොට දී ඇති බව මේ ලේඛන මගින් තහවුරුවේ.

මාලිනියට ජාතික ශෝක දිනයක් ලැබුණේ නැත. රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයක් ලැබුණේ ද නැත. ඇයම කියූ ලෙස, ඇයට ජීවිතයේ අවසන් මාස කිහිපයේ රජයෙන් ලැබුණේ නින්දා අපහාස පමණී.

මාලිනිය ‘ඇය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනූ තාරකාව ම මිස, අයුතු ලෙස ජාතික ධනය, ජනාධිපති අරමුදලේ මුදල් ලබාගත් වංචාකාරියක නොවන බව’ ඇයට ආදරය කළ සැමට සාක්ෂි කර ගැනීමට මේ ලේඛන උපකාර වනු ඇත.

වසර කිහිපයක් පාර්ලිමේන්තුවේ සිටි ඇය ‘හොරු 225 න් අයෙකු නොවේ’.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment