මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ ඛේදවාචකයෙන් භික්ෂූන් වහන්සේලා හත් දෙනෙක් මරුට

මැල්සිරිපුර, පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ (නා උයන ආරණ්‍ය සේනාසනය) දුම්රිය මාර්ගයේ ට්‍රොලියක් (දක්කුව) අනතුරට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග අද තහවුරු කරනවා. 

මියගිය අය අතර දෙදෙනෙක් විදේශිකයින් බවයි වාර්තා වන්නේ. 

ඔවුන්ගේ දේහයන් ගොකරැල්ල දිස්ත්‍රික් රෝහලට ගෙන ගොස් ඇති අතර අනෙක් භික්ෂූන්ගේ දේහයන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇත. 

ඊයේ (24) රාත්‍රී 9:00 ට පමණ මෙම අනතුර සිදු වූයේ භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකු පූජා භූමියේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු ආරාමයට ආපසු යමින් සිටියදීය.

භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් ඩක්කුවේ පැනීමෙන් සුළු තුවාල ලබා බේරුණු අතර තවත් සිව්දෙනෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා. 

මියගිය භික්ෂූන් වහන්සේලාගෙන් තිදෙනෙකු රුමේනියාව, රුසියාව සහ ඉන්දියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.  

කඳු මුදුනට භික්ෂූන් වහන්සේලා රැගෙන යන ඩක්කුවේ ආධාරක වයරයක් කැඩී යාමෙන් අනතුර සිදුවී ඇති බවට බලධාරීන් සැක කරනවා. 

පන්සියගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ. 

සටහන - කසුනි විජේසිංහ 

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක් Read Previous

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’  දින 100 පසුකරයි Read Next

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’ දින 100 පසුකරයි

Realted Post

Leave a comment