මිනිපේ ප්‍රජාවට පිරිපහදු කළ පානීය ජලය

හොංකොං හි The International Center of Shakyamuni Cultural Limited  සංවිධානය මගින් මිණිපේ ප්‍රාදේශීය සභාව වෙත පරිත්‍යාග කරනු ලැබූ ප්‍රතිආඝෘත ජල පිරිපහදු  උපකරණය ජන අයිතියට පැවරේ.

රුපියල් මිලියන 2ක් පමණ වටිනාකමකින් යුතු මෙම පිරිපහදු උපකරණයේ ධාරිතාවය දිනකට වතුර ලීටර 5000 කි.

මෙමගින් මිණිපේ කොට්ඨාශයේ ජනතාව වෙත දෛනිකව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කෙරේ.

මෙම පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට  ඉන්දියාවේ ඇසැම්හී සිට වැඩම කළ    Sadananda සහ Ananda  යන ස්වාමීන් වහන්සේලා හොංකොං ජාතික John Leung මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ලක්මාලි අත්තනායක, මිනිපේ සහකාර ප්‍රාදේශීය ලේකම් දීපානි අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද ප්‍රදේශවාසී ජනතාව ද සහභාගි විය.

 

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment