මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න

මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු  බෝසත් දරුවන් නිර්මාණය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දී සැළකිලිමත් වන ලෙස අස්ගිරි, මල්වතු උභය මහා විහාර අනුනායක හිමිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටියහ. 
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝ සභාවේ ස්වාමීන්වහන්සේලා දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර  දළදා මාලිගාව පරිශ්‍රයේ   අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන්  ජුලි 31  පැවති  සාකච්ඡාවකදී අනුනාහිමිවරුන්  මේ බව පැවසූහ.  
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති වැරදි මත පිළිබඳවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල පවතින තත්වය සහ එහි සත්‍ය ස්වභාවය පිලිබඳව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අස්ගිරි මල්වතු උභය විහාරික සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළේය. මෙහිදී අනුශාසනා සිදු කළ අස්ගිරි මල්වතු උභය විහාරික අනුනාහිමිවරුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ සාරධර්ම ඉගැන්වීම වැදගත් බවත්, වෘත්තීය වශයෙන් මෙන්ම මානූෂිය වශයෙන් දරුවන් තුළ වර්ධනය කළ යුතු අංශ පිලිබඳවත් අවධාරණය ක⁣ළහ. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගාමීව පිරිවෙන් අධ්‍යාපනය තුළ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී  අදහස් පළ කළහ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ ශ්‍රි උපාලි නායක ස්වාමීන්වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රි සරනංනකර විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවේ ස්වාමීන්වහන්සේලා,  අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment