රඟපාන්න ඇවිත් කැමරාව අතට ගත් පැතුම් ශ්‍රී විජේපාල

අධ්‍යක්‍ෂක ජී. නන්දසේන මහතා සමග 

 

රඟපාන්න තිබෙන ආසාව නිසාම කොළඹ ඇවිත් නාට්‍ය වැඩමුළුවට ගිහින් කට්ට කාලා නළු නිළියන් වුණ කී දෙනෙක් කලා ක්ෂේත්‍රයේ ඉන්නවාද? නළුවෙක් වෙන්න ආසාවෙන් කොළඹ ඇවිත් පාඨමාලා කරලා තම බලාපොරොත්තු ඉෂ්ට කර ගත් එවැනි නවක කලාකරුවෙකු අපට මුණගැසුණා. ඔහු රඟපෑමට කැමැත්තෙන් ආවත් අද දක්ෂතා දක්වන්නේ ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂකවරයකු ලෙසයි. ඔහු නමින් පැතුම් ශ්‍රී විජේපාල.
මේ දිනවල දෙරණ රූපවාහිනියේ සෙනසුරාදා සවස 5.05 ට විකාශනය වෙන ‘දෙකොණ මාරුව’ නාට්‍යයේ සන්නාසියා චරිතයට පණ දෙන්නේ ඔහුය. වෙස්ගත්තෝ, පුංචි වලව්ව, සඳපානාගල, සවීනා, මිණිපුර හටන යන ටෙලි නාට්‍යවලටද ඔහු රංගනයෙන් දායක වී තිබේ. 


පැතුම් විජේපාලගේ ගම් පළාත හලාවත ආරච්චිකට්ටුව ය. මුලින්ම ඉගෙනගෙන  තිබෙන්නේ ගමේ විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළට හලාවත ශාන්තමරියා පිරිමි පාසලට ඇතුළු වී තිබෙනවා. පාසල් කාලයේ සිට රඟපාන උණක් තිබුණු බවත් පාසල් නාට්‍යවල රඟ පෑ බවත් ඔහු අපට පැවසුවා.  


රංගන වැඩමුළුවෙන් පස්සේ මුලින්ම සහාය කලා අධ්‍යක්ෂකවරයෙකු හැටියට සම්බන්ධ වුණා. ජී. නන්දසේන මහතාගේ මිණිපුර හටන නාට්‍යයට සුමිත් කුඩලිගම මහතාගේ සහයටයි එකතු වුණේ. එතැනින් පටන්ගෙන හෙමින් හෙමින් කැමරා අධ්‍යක්ෂකවරයෙක් දක්වා ගමන ආවා.  


මෝදර වැල්ල, පිනිවැස්ස, ඔහු කැමරා අධ්‍යක්ෂණය කළ නිර්මාණයි.


ඔහු සේවය කරන්නේ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ය.  රංගන සහ කැමරා අධ්‍යක්‍ෂණ කටයුතුවලට ගමේ සහ සේවා ස්ථානයේ හිතමිතුරන්ගෙන් ලැබෙන සහාය ඔහු සිහිපත් කළේ කෘතවේදීව ය. මවුපියන් හා වැඩිමහල් සහෝදරයාගේ සහායද මේ ගමනට විශාල පිටුවහලක්  වූ බවත්  ඔහු පැවසුවේ ය.

සටහන - ශාන් බන්දු වීරසිංහ

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment