රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ දැවැන්ත මහා මංගල්‍යය මංගලම් 2023

හිරු 25 වසරක සාංවත්සරික සැමරුම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු ටී.වී සංවිධාන ශක්තියෙන් හැඩවුණු රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ අති දැවැන්ත මහා මංගල්‍යය ,මංගලම් 2023 - මංගල ප‍්‍රදර්ශනය පසුගියදා කොළඹ හිල්ටන් රෙසිඩන්ස්හිදී උත්සවාකාරයෙන් පැවැත්වුනා.මංගල ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්ගේ සහභාගීත්වයෙන් පැවති වසරේ දැවැන්ත මංගල ප‍්‍රදර්ශනයට මිලියන සියයකට වඩා අධික වටිනාකමකින් යුතු මංගල ත්‍යාගය තමන් සතු කරගැනීමේ බලාපොරොත්තුව පෙරදැරිව ආදරවන්තයින් සහ ආදරවන්තයින් රැසක් සහභාගී වුනා. 

එහිදී කුසපත් ඇදීමක් තුලින් සහභාගීවූ වාසනාවන්ත යුවළ රැසක් අතුරින් නදීෂා සහ ශිරාන් මිලියනයකට අධික වටිනාකමින් යුතු මංගල ත්‍යාගය ඔවුන් සතු කරගන්නට වාසනාවන්ත උනා.නොවැම්බර් මාසය තුළදී ඔවුන්ගේ වාසනාවන්ත මංගල දිනය ඔවුන් වෙත තිලින කරන්නට හිරු සියල්ල සූදානම් කරඇති අතර මංගලම් 2023 ප‍්‍රදර්ශනයේ දෙවන ප‍්‍රදර්ශනය ඩබල් ටී‍්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස් හෝටල් පරිශ‍්‍රයේදී ඔක්තෝබර් 8 වනදා උදෑසන 9.00 සිට දවස පුරා පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර තිබෙනවා. මංගල ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම මංගල ප‍්‍රදර්ශනය තුලින්ද තෝරා ගන්නා වාසනාවන්ත යුවළ වෙනුවෙන් මිලියන සියයකට අධික මංගල ත්‍යාගයක් තිලිණ කරන්නට හිරු ටී.වී සැදී පැහැදී සිටින අතර 2023 වසරේ විවාහ වීමට අපේක්ෂිත ආදරවන්තයින් සැමට ඔක්තෝබර් 08 වනදා ඩබල් ටී‍්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස් වෙත පැමිණෙන ලෙස හිරු ආදරයෙන් ආරාධනා කරනවා.

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන Read Previous

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන

සතුටු තෑගි කෝටි 51 ක් ලැබුණු World cup 2025 Read Next

සතුටු තෑගි කෝටි 51 ක් ලැබුණු World cup 2025

Realted Post

Leave a comment