ලොවම දැනගත් අනියම් පෙම

බොස්ටන් නුවර කෝල්ඩප්ලේ ප්‍රසංගය අතරතුරේ එම ප්‍රසංගය නැරඹීමට ආ යුවළකගේ වීඩියෝ දසුන් එම ප්‍රසංගයේ දැවැන්ත තිරයේ දිස් වූ ආකාරය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් මාධ්‍ය ඔස්සේත්  ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.
 එහි සිටින පිරිමි පුද්ගලයා ඇස්ට්‍රෝනොමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඇන්ඩි බයිරන්ය. ඔහු වැළඳගෙන සිටින කාන්තාව වන්නේ  එම සමාගමේම මානව සම්පත් අංශයේ ප්‍රධාන නිලධාරිණියයි. 

මෙම වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟම ඇස්ට්‍රෝනොමර් සමාගම බයිරන්ව අනිවාර්ය නිවාඩු යවා ඇති බවද සඳහන් වෙනවා.

කෙසේ හෝ ඇන්ඩි බයිරන්ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව එම සමාගම පවසා තිබෙනවා. එමෙන්ම එම සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි තාවකාලිකව එහි ප්‍රධාන විධායක නිළධාරී ලෙසද පත් කර තිබෙනවා.

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි Read Previous

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි

කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේයට අවසන් ගෞරව දැක් වූ ජනපති Read Next

කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේයට අවසන් ගෞරව දැක් වූ ජනපති

Realted Post

Leave a comment