ලෝක වාර්තාවක් තැබූ මොරටු සරසවියේ රුසින් තත්සර

රුසියාවේ නිෂ්නි නොවග්‍රෝඩ් summer programe සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජනය ලෝක වාර්තාවක් තැබූ මොරටු සරසවියේ රුසින් තත්සර විසින් සිදු කරයි

 

ලෝකයේ රටවල් 26 ක පර්‍යේෂකයන් සහ දේශකවරුන් 26 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවත්වෙන රුසියාවේ නිෂ්නි නොවගොරෝඩ් විශ්වවිද්‍යාලය මගින් සංවිධානය  කරන summer institute program සඳහා සහභාගී වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසන් වසර ශිෂ්‍ය රුසින් තත්සර තේරී පත්ව ඇත.රුසියාවේ ප්‍රධාන නගර 7ක් ,විශ්වවිද්‍යාල 4ක් පාදක කරගනිමින් ඒකාබද්ධ පර්‍යේෂණ කිරීම,ව්‍යාපෘති සිදුකිරීම,සංස්කෘති වැඩසටහන් ,චාරිකා ආදී අංග රැසකින් මෙය සමන්විතය.රුසියාවේ ROSATOM (Russian State atomic center ) හීදී එහි අධ්‍යක්ෂිකාව  සහ නව ව්‍යාපෘති පිළිබඳ සිය සෙසු සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමටද ඔහුට හැකිවිය.

රුසින් තත්සර ග්‍රන්ථ 15ක් ලියා ඇති අතර ,ඒ අතර රුසියානු තානාපතිතුමා සමග එළි දැක්වූ දකුණු ආසියාවේ අභ්‍යවකාශ ගොඩනැගීන් සම්බන්ධ පළමු ග්‍රන්ථය ,ඉන්දුනීසියානු තානාපතිය සමග එළිදැක්වූ ශ්‍රී ලංකාවේ පළමු හින්දි තාරකා විද්‍යා ග්‍රන්ථය ද වේ.ඔහු ශ්‍රි ලංකාවේ පළමු චන්ද්‍ර නගර මොඩල ව්‍යාපෘතිය වන 'විමාන' ව්‍යාපෘතියේ නිරමාතෘ ද වේ.ලෝක වාර්තාවක් තබා ඇති රුසින් තත්සර රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.වර්ෂ 1961 දෙසැම්බර් 11 වනදින ,අභ්‍යවකාශයට ගිය මුල්ම මිනිසා වන යූරිගගාරින් රත්නපුර සීවලි විද්‍යාලයට පැමිණ ගසක් රෝපණය කිරීමත්,ඊට වසර 40කට පසු එම දිනයේම 2001 දෙසැම්බර් 11 වන දින රුසින් තත්සර උපත ලැබීමත් එය සිය තාරකා විද්‍යා නිර්මාණවලට අභිප්‍රේරණයන් කරගත් ආකාරයත් අලළා "Cosmonaut planted a Dream" යනුවෙන් ග්‍රන්ථයක් ලියා ඇති අතර ඒවායේ මුල් පිටපත අග්‍රාමාත්‍යතුමියට පත්කර ඇත.තවද එකදු සිංහල ග්‍රන්ථයක්වත් නොතිබූ රුසියාවේ   කසාන් ටාටාර්ස්තාන් ජනරජයේ ප්‍රධානම රාජ්‍ය පුස්තකාලය වෙත ඔහුගේ සිංහල ග්‍රන්ථය සහ යූරි ගගාරින්ගේ සීවලි මධ්‍ය විද්‍යාලයේ රෝපණය කළ ගස අලලා නිර්මාණය කළ COSMONAUT PLANTED A DREAM ග්‍රන්ථය පරිත්‍යාග කරන ලදී .රුසියාවේ කසාන් ටාටාර්ස්තාන් ජනරජයේ ප්‍රධානම රාජ්‍ය පුස්තකාලය වන  1865 දී ආරම්භ වූ රුසියාවේ Volga ප්‍රදේශයේ පැරණිතම පොදු පුස්තකාලය වන මෙහි පොත් සගරා ලිපි. මිලියන 3කට වඩා තිබෙන අතර ඉන් 100,000 ටාටාර් භාෂා පොත් සහ 10000ක විදේශ භාෂා පොත් ඇතුළත් වුවත් ඔවුන්ගේ දත්ත පද්ධතියේ එකදු සිංහල පොතක් නොවීය.රුසියාවේ තියෙන විශාලම ටාටාර් භාෂා පොත් සහ අත්පිටපත් එකතුව තියෙන්නේ මේ පුස්තකාලයේය.

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි Read Next

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි

Realted Post

Leave a comment