විදෙස් කාන්තාවක් ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරියෙකු අගයයි
ශ්‍රී ලංකා පොලීසියේ අවංක නිලධාරියෙකු නිසා ශ්‍රී ලංකාවේ ගෞරවයත් පොලීසියේ කීර්තිනාමයටත් විදෙස් සංචාරක කතකගෙන් පැසසුම්.
මෙරට සංචාරයක් සඳහා පැමිණි බංග්ලාදේශ සංචාරක කතකගේ රුපියල් ලක්ෂ හතරක මුදල් සහ ලියවිලි සහිත ගමන් බෑගයක් මහනුවරදී අමතකව ගොස් තිබියදී එම මුදල් සහ ලියවිලි වෙනත් පාර්ශවයක් අතට පත්වීම වලක්වාලීමට පොලිස් නිලධාරියෙකු මැදිහත්වී එම සංචාරක කතගේ වටිනා ලියවිලි සහ මුදල් සහිත බෑගය එහි අයිතිකාරියටම ලබාදීමට කටයුතු කර ඇත.
මෙම පොලිස් නිලධාරියා කලක් මහනුවර සංචාරක පොලීසියේ සේවය කර දැනට කොළඹ කොටුව පොලීසියේ සේවය කරන සැරයන් ටී ජී ඉන්ද්‍රජිත් (47018) යන නිලධාරියා බව දැන ගන්නට ලැබිණි,ඔහු ඉදිරිපත් නොවන්නට එම විදෙස් සංචාරක කතට සියල්ල අහිමි වන්නට ඉඩ තිබිණි.
ජේ.ඒ.එල්. ජයසිංහ

Leave a comment